November, 13, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය, අද (13) දිනයේ දී ඒකක 13,000 සීමාව ඉක්මවා යනු ලැබීය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,000 සීමාව යළිත් වරක් පසුකරන ලද්දේ 2022 වසරේ ජනවාරි 31 වන දිනෙන් පසු පළමු වතාවට වීම විශේෂත්වයකි.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 136.20කින් ඉහළ ගොස් ඒකක 13,125.19ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 51.09කින් ඉහළ ගොස් ඒකක 3,938.25ක් ලෙසින් සටහන් විය.
සම්පත් බැංකුව, HNB, LOLC හෝල්ඩිංස්, මෙල්ස්ටාකෝප් සහ CT හෝල්ඩිංග්ස් යන සමාගම්වලින් අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.
අද ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 6.98ක් ලෙසින් වාර්තා විය.
දිනයේ අවසාන ගනුදෙනු මිනිත්තුවේ දී වාර්තා වූ DFCC බැංකුවේ රු. බිලියන 3.31 ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුව, දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත් ව තිබුණු අතර එහිදී DFCC බැංකුවේ කොටස් මිලියන 38.98 ක් එකක් රු. 85.00 බැගිනි හුවමාරු වී තිබුණි.
මීට අමතරව සම්පත් බැංකුව රු. මිලියන 272 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 227ක්, NDB බැංකුව රු. මිලියන 166 ක් සහ DFCC බැංකුවේ සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා රු. මිලියන 159 ක් වශයෙන් දෛනික පිරිවැටුමට වැඩිදායකත්වයක් ලබා දීමට සමත් වූ සමාගම් අතර අද දින පෙරමුණේ විය.
Video Story