සියලු දුම්රිය ප්‍රවේශපත් දැන් Pravesha.lk වෙතින්

    August, 26, 2024

    ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයෙහි නව හැරවුමක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ සාමාන්‍ය දෙවන සහ තෙවන පන්තියෙහි  ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා නවතම  වෙබ් අඩවියක් එලි දැක්වීමට පසුගිය දා කටයුතු කර ඇත.

    එම වෙබ් අඩවිය නම් කර ඇත්තේ  Pravesha.lk නමිනි.

    පරිගණකය සහ ජංගම දුරකථන යන දෙකටම ප්‍රශස්ත කර ඇති මෙම වෙබ් අඩවිය හරහා පහසු පියවර 3ක් අනුගමනය කිරීම මගින් ඔබේ මගී ප්‍රවේශපත අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ හැකියාව ඇත.

    එලෙස අදාල පියවර අනුගමනය කර ඔබගේ විද්‍යුත් ටිකට් පත ඔබ ඇතුලත් කළ ජංගම දුරකථන අංකයට හෝ විද්‍යුත් තැපෑලට ලබා ගත හැකි අතර එක් එක් සංචාරය සහ මගීන් සඳහා ඔබට වෙන් වෙන් වූ විද්‍යුත් ටිකට් පතක් සහ QR කේතයක් ලැබෙනු ඇත.

    ඒ අනුව දැන් ඔබට  පහත සබැඳියට පිවිසීම මගින් සාමාන්ය දුම්රිය ප්රවේශ පත්ර Digital ප්රවේශ පතක් ලෙස මිල දී ගැනීමට අවස්ථාව හිමි වේ.