February, 27, 2018
ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී යටතේ පැවති ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම Allianz SE වෙත විකුණා දැමීමේ කටයුතු ඊයේ (26) දිනයේ දී අවසන් කරන ලදී. මෙම ගනුදෙනුවට අනුව රුපියල් බිලියන 16.39 (රු. 16,393,731,505.00) ක් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑඑල්සී වෙත ලැබී තිබේ.
මේ අතර ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් සතුව පැවති රුපියල් බිලියන 2 කට ආසන්න (රු. 1,997,087,274.00) වටිනාකමකින් යුතු වූ සියලු නිශ්චල දේපළ, ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී විසින් මිල දී ගෙන තිබේ.
තවද ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් යටතේ පැවති CDB, NTB හා Serendib Land යන ලැයිස්තුගත සමාගම්වල කොටස් හිමිකාරීත්වයන් ද ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී විසින් මිල දී ගෙන ඇත.
පහත දැක්වෙන්නේ එම එක් එක් සමාගම සතුව ඇති කොටස් අයිතිය හා ඒ සඳහා ගෙවන ලද මිල පිළිබඳ සටහනකි.

Video Story