සියලු සුරා සැල් හෙට වැසෙයි

    October, 2, 2024

    දිවයින පුරා පිහිටි සියලූම සුරා සැල් හෙට (03) දිනයේ දී වසා දැමීමට තීරණය වී තිබේ.

    ඒ අනුව දිවයිනේ සියලූම රට බීම අලෙවි සැල් හෙට දිනයේ දී වසා දැමෙන අතර, හෝටල් සහ අවන්හල්, සමාජ ශාලා ආදියෙහි මත් පැන් නිකුත් කිරීම තහනම් වනු ඇත.

    ඔකතෝබර් 03 වන දිනට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් මෙලෙස හෙට දිනයේ දී සුරා සැල් වැසෙනු ඇත.