December, 18, 2024
සියැට් කැළණි හෝල්ඩිංග්ස් විසින් සුඛෝපභෝගී මෝටර් රථ හා SUV රථ සඳහා ‘යුරෝපීය පරාසයේ නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලාංකික මෝටර් රථ ලෝලීන්හට දැන් ගෝලීය ප්‍රමිතියෙන් යුත් ඉහළ කාර්යසාධනයක් සහිත රේඩියල් ටයර් ලබාගැනීමට හැකියාව ලැබී ඇත.
ටයර් ප්‍රමාණ 19කින් සහ විවිධ රටා හයකින් සමන්විත මෙම ටයර් අඟල් 16 සිට 18 දක්වා වූ රිම් ප්‍රමාණයන් සඳහා යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූලව ඉහළ කාර්යසාධන (High Performance) සහ අතිශය ඉහළ කාර්යසාධන (Ultra High Performance) ලෙස වර්ගීකරණය කර ඇත. තවද, මෙම නිෂ්පාදන ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් හි සියැට් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ දී පරීක්ෂණයට භාජනය කර තිබේ.
“යුරෝපයේ මාර්ගවල දැනටමත් භාවිතයේ පවතින මෙම ටයර මෙරටට හඳුන්වාදීමත් සමඟම, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්හට නව මානයක නිෂ්පාදන පිරිනමමින් ගුණාත්මක ඉණිමගෙහි ඉහළටම නැඟීමට සියැට් සමත් වී ඇත,” යනුවෙන් සියැට් කැළණි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසීය. “මෙම ටයර් වලින් රිය පැදවීමේ ස්ථාවරත්වය සහ හැසිරවීම මෙන්ම විවිධ අවස්ථා සහ මතුපිට පෘෂ්ඨවල දී තිරිංගවල ප්‍රතිචාරය වැනි අංගවල සැලකිය යුතු වැඩිදියුණු කිරීම් පෙන්නුම් කරන අතර මෙම ටයරය අපගේ පුළුල් රේඩියල් ටයර් කළඹට ආකර්ෂණීය එකතුවක් ද වනවා,” යැයි ඔහු අවධාරණය කළේය.
ටොයෝටා ප්‍රිමියෝ, ටොයෝටා ඇලියොන්, කියා ස්ටොනික්, MG-ZS, ටොයෝටා ප්‍රියස් හා හොන්ඩා සිවික් වැනි වාහන වලට ගැලපෙන එම පරාසයේ කුඩාම ටයරය වන SecuraDrive 195/55 R16 ටයරයේ සිට ටොයෝටා ලෑන්ඩ් කෲසර්, මිට්සුබිෂි මොන්ටෙරෝ හා ටොයෝටා හයිලක්ස් වැනි SUV වාහන වලට ගැලපෙන එම පරාසයේ විශාලතම ටයරය වන CrossDrive AT 265/60 R18 ටයරය දක්වා නිෂ්පාදන පෙලක් හඳුන්වා දෙමින් සියැට් විසින් යුරෝපීය වාහන නිෂ්පාදකයින් අපේක්ෂා කරන දැඩි තත්ත්ව ප්රමිතීන් ද සපුරාලනු ලබයි.
මෙම පරාසය තුළින් BMW X1, මර්සිඩීස් බෙන්ස් C පන්තිය, E පන්තිය, V පන්තිය, CLA 180, GLE පන්තිය හා AMG CLA පන්තියේ මෝටර් රථ, Audi A3 හා A4 සහ පර්ජෝ 3008, කියා සොරෙන්ටෝ හා ස්පෝටාජ්, නිසාන් X-Trail, හොන්ඩා CR-V, ටොයෝටා හැරියර් හා ටෙයෝටා RAV4, හා ජීප් ව්රැනග්ලර්, ඉසුසු D-Max සහ මිට්සුබිෂි ට්‍රයිටන් වැනි වාහන සඳහා ද ටයර් නිර්මාණය කර ඇත.
ෆ්රෑන්ක්ෆර්ට් හි සියැට් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ගෝලීය එළිමහන් පර්යේෂණ පිළිබඳ සාමාන්‍යාධිකාරී ස්වෙන් රත් මහතා, සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි අධ්‍යක්ෂකවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය සමඟින් සමාගමේ ප්‍රමුඛතම අලෙවි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම නව පරාසය කොළඹදී දියත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගම මෙරට ටයර් ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස වර්ධනය වීම, නව තාක්ෂණය සහ ගුණාත්මකභාවයේ වැඩිදියුණු කිරීම් සඳහා වසර ගණනාවක් පුරා සිදු කරන ලද සැලකිය යුතු ආයෝජනවල ප්‍රතිඵලයක් වන අතර ඒ තුළින් නිෂ්පාදන ධාරිතාවය වැඩිවීමක් පමණක් නොව නිෂ්පාදන පරාසයේ පුළුල් වීමක්ද සිදු වී ඇත. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල් (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.
සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැළණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර් මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
සේයාරු සටහන : සියැට් කැළණි විධායක අධ්යක්ෂ රොහාන් ප්‍රනාන්දු මහතා, කළමණාකරණ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ඩඩ්ලානි මහතා, සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා සහ ෆ්රෑන්ක්ෆර්ට් හි සියැට් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සාමාන්‍යාධිකාරී - ගෝලීය එළිමහන් පර්යේෂණ ස්වෙන් රත් මහතා සියැට් යුරෝපීය පරාසයේ නිෂ්පාදන පෙළ කොළඹදී එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින්.