November, 1, 2016
මෙරට ලැයිස්තුගත සමාගමක් වන සියෙරා කේබල්ස් පීඑල්සී, ෆිජි දේශයේ කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වී තිබේ.
විනෝද් පටෙල් සහ සමාගම, RC මනුබායි සහ සමාගම සහ ප්‍රොග්‍රෙසිව් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් සමඟ සියෙරා කේබල්ස් මෙලස බද්ධ ව්‍යාපාර ගිවිසුමකට එළඹ සිටින එතර ඒ අනුව බලශක්ති කේබල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ෆිජි හි ස්ථාපිත කෙරෙනු ඇත.
මෙම ගිවිසුමට අනුව අදාළ ව්‍යාපෘතියේ 30% ක අයිතිය සියෙරා කේබල්ස් සතුවනු ඇත.
මේ සඳහා ආයෝජිත මුදල ෆිජි ඩොලර් මිලියන 4 කි.
අදාළ ගිවිසුම් ගත වීම පසුගිය ඔක්තෝබර් 13 වන දින සිදුකරනු ලැබ ඇති බව සමාගම විසින් අද (01) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.