“සිලිකන් වැලි“ බිලියනපතියන් අතර වැජඹෙන ලංකාවේ උපන් චමත් පළිහපිටිය

    July, 2, 2015

    ලෝකයේ බොහෝ අධි තාක්ෂණික සමාගම් වලට තෝතැන්නක් වන ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ බෝක්ක ප්‍රදේශයේ දකුණු කොටස හෙවත් ලොව සුප්‍රසිද්ධ “සිලිකන් වැලි“ ප්‍රදේශයේ බිලියනපතියන් අතරට එක්වූ ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව මුළු ලොවේම අවධානය යොමුවී තිබේ.

    ලොව ප්‍රකට Facebook සමාගමේ කීර්තිමත් විධායක නිළධාරීවරයෙකු ලෙස කටයුතු කර පසුව ප්‍රබල ආයෝජකයෙකු බවට පත්ව මහා ධන කුවේරයෙකුව සිටින මෙම තරුණයා නමින් චමත් පළිහපිටියයි.

    ඔහු විසින් ආරම්භ කර තිබෙන “වෙන්චර් කැපිටල්“ සමාගම වන Social Capital සමාගම විසින් වේගයෙන් වර්ධනය වන අළුත් සමාගම් වන Slack, Sprig සහ Wealthfront නැමති සමාගම්වල ආයෝජනය කර තිබේ.

    මේ ආකාරයෙන් කැපී පෙනෙන ආයෝජකයෙකු වූ චමත් පළිහපිටිය මහතාගේ වර්තමාන වත්කම ඩොලර් බිලියනයක් පමණ වනබව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    ශ්‍රී ලංකාවේ ඉපදුණු චමත් පළිහපිටිය දරුවා ඔහුගේ දෙමව්පියන් විසින් අවුරුදු හයේදී කැනඩාවට රැගෙන ගොස් තිබෙන අතර 2001 වසරේදී ඔහු ඇමරිකානු මාධ්‍ය සමාගමක් වන AOL හි සේවයට බැඳෙමින් පළමු රැකියාවට පිවිස ඇත.

    මෙම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ චමත් පළිහපිටිය මහතා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මුණ ගැසුණු බවයි. cha