සිලෝන් ඔක්සිජන් සමාගමෙන් ශ‍්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය සභාවේ වාර්ෂික සැසියට සහාය

    June, 22, 2016

    සිලෝන් ඔක්සිජන් සමාගම පසුගියදා පැවති ශ‍්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය සභාවේ වාර්ෂික ශාස්ත‍්‍රීය සැසිය සඳහා එන්ටනොක්ස්, කොනොක්සියා ඇතුළු සියලූම වෛද්‍ය වායුන් ලබාදුන් නිළ වෛද්‍ය වායු සැපයුම්කරු බවට පත්විය.

    කොනොක්සියා යනු සැහැල්ලූ සිලින්ඩරයක අසුරා ඇති වෛද්‍ය ඔක්සිජන් වායුව වන අතර මෙය 2014 වසරේ දෙසැම්බරයේදී මෙරටට හඳුන්වාදුණි.
    ''සිලෝන් ඔක්සිජන් සමාගමේ අරමුණ වී තිබෙන ඉහළ ගුණාත්මක බවින් යුතු, සුරක්ෂිත හා විශ්වාසදායී නිෂ්පාදන හා සේවාවන් තුළින් රෝගීන්ගේ සුරක්ෂිත බව සහතික කිරීම අපේ සැසි වල පරමාර්ථය සමග ද මනාව ගැළපෙනවා. වසර 80 කට අධික කාලයක් පුරා මෙරට තුළ ක‍්‍රියාත්මක වන සිලෝන් ඔක්සිජන් සමාගම, වෛද්‍ය වායු සපයන විශ්වාසදායී හා සුවිශේෂී හවුල්කරුවෙකු ද වන අතර වාර්ෂික සැසිය සඳහා අඛණ්ඩව වසර තුනක් පුරා වෛද්‍ය වායු සපයන නිළ සැපයුම්කරුවා බවට පත්වී තිබෙනවා.'' සිලෝන් ඔක්සිජන් සමාගමට සිය විශේෂ ස්තුතිය පලකරමින් ශ‍්‍රී ලංකා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විද්‍යාලයේ සභාපති වෛද්‍ය කණිෂ්ක ඉන්ද්‍රරත්න මහතා පැවසුවේය.

    සේයා රූ සටහන - සිලෝන් ඔක්සිජන් සමාගමේ කණ්ඩායම විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ, අධ්‍යාපන හා පර්යේෂණ අංශයේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාට හා ශ‍්‍රී ලංකා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විද්‍යාලයේ සභාපති වෛද්‍ය කණිෂ්ක ඉන්ද්‍රරත්න මහතාට කොනොක්සියා ආරක්ෂිතව භාවිත කරන අයුරු පැහැදිලි කරමින්