August, 12, 2025
ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ට නව ජාත්‍යන්තර ගැනුම්කරුවන් සොයා ගැනීම සහ ගෝලීයව ඔවුන්ගේ 'සිලෝන් ටී' සන්නාම ප්‍රවර්ධනය කිරීමට පහසුකම් සැලසීම පිණිස ශ්‍රී ලංකා තේ අපනයනකරුවන් සඳහා වන 50%ක වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය 2015 සිට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, එකී වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story