December, 29, 2015
කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිඛෙන අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් ආයතනික සමාජ සත්කාරක න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස පාසැල් සිසු දරුවන්ගේ ගණිත සහ විශ්ලේෂණ කුසලතා වර්ධනය කිරීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු ගුරුවරයෙකු මෙන්ම නව්‍ය ඉගෙනීමේ ද්‍රව්‍ය නිර්මාණකරුවෙකු වන එච්.ඒ. ධර්මසිරි මහතා විසින් පස්සර මියෙනකඳුර රජයේ විද්‍යාලයේ දියත් කළ ගණිතාගාරය යන සංකල්පය මගින් ලැබූ ඉහළ ප්‍රතිඵල සැළකිල්ලට ගනිමින් පාසැල් හතරක සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිවාසයක සිටින දරුවන් 4,500 ක් සඳහා මෙම නියමු වැඩසටහන ආරම්භ කර ඇත.
කොමර්ෂල් බැංකුවේ තිරසාරාත්මක ගණිතාගාරය සංවර්ධන ව්‍යාපෘතියේ අංගයක් ලෙස බැංකුව විසින් මෙම ස්ථානවල ගණිතාගාර ආරම්භ කිරීමට සහ ඒවාට අවශ්‍ය උපකරණ සඳහා අරමුදල් සපයනු ලබයි. මෙම ගණිතාගාර භාවිතා කරන ආකාරය සහ නඩත්තු කරන ආකාරය පිළිබඳව ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීමද බැංකුව විසින් සිදුකරන අතර මෙම පාසැල් වල ගණිත සමාජ බිහි කිරීම සඳහාත් මෙම කටයුතුවල ප්‍රගතිය තක්සේරු කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය වන යාන්ත්‍රණයක් ඇති කිරීමටත් බැංකුව කටයුතු කරනු ඇත.
“තාක්ෂණික වශයෙන් වර්ධනය වන ලෝකයක් තුළ ගණිත කුසලතාවයේ වැදගත්කම අමුතුවෙන් අවධාරණය කළ යුතු එකක් නොවෙයි“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. “යෝජිත ගණිතාගාර සැලසුම් කර තිඛෙන්නේ මෙම සංකල්පය තුළින් ගොඩනැගූ ශිල්පීය ක්‍රම මගින් අපගේ පාසැල් පද්ධතිය තුළට මෙම විෂය උගන්වන ආකාරය සහ ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව තිරසාරාත්මක බලපෑමක් ඇති කිරීමටයි.“
අන්තර් ක්‍රියාකාරී ගණිත ක්‍රීඩා, ක්‍රීඩා උපක්‍රම සහ විනෝදජනක ක්‍රියාකාරකම් 70 ක් තුළින් සංකීර්ණ සංකල්ප ඉගෙන ගනිමින් සිසු දරුවන්ගේ තාර්කික සහ විශ්ලේෂණාත්මක චින්තන ශක්තිය විවර කර ගැනීමට අවශ්‍ය පරිසරය, උපක්‍රම සහ උනන්දුව මෙම වැඩසටහන මගින් ලබාදෙයි. ප්‍රායෝගික ගණිත ගැටලූ විසඳීමට සහ සංකීර්ණ එකතු කිරීම් අවබෝධ කර ගැනීමට ගණිතාගාර වැඩසටහන මගින් සරල සහ විනෝදාත්මක ගණිත ක්‍රියාකාරකම් භාවිතා කරයි. මීට අමතරව, ගණිත ප්‍රශ්න විසඳීමට අවශ්‍ය වන ඉතාමත් සරල උපක්‍රම පුහුණු කිරීමට අවශ්‍ය වන උපදේශනය මෙහිදී සිසුන්ට ලබාදීම කැපී පෙනෙන කාරණාවකි.
මෙම නියමු වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුව විසින් තෝරාගෙන තිඛෙන අධ්‍යාපන ආයතන 05 අතරට අයත් වන්නේ යක්කල අනුර මධ්‍යම මහා විද්‍යාලය, වෑවිට මෛත්‍රී නවෝද්‍යා මහා විද්‍යාලය, බණ්ඩාරගම සිරි පියරත්න මහා විද්‍යාලය, පාදුක්ක දොම්පේ කණිෂ්ඨ විද්‍යාලය සහ පිටකෝට්ටේ සෙවණ ළමා නිවාසයයි.
මෙම පාසැල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය විෂය අසමත් වන ප්‍රතිශතය 34% සිට 55% ක් දක්වා වන අතර ගණිතය විෂය සමත්වන සිසුන්ගෙන් 70% ක් ලබාගන්නේ සාමාන්‍ය සාමාර්ථයක් පමණි.
මෙම ගණිතාගාරය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් මෙම සංකල්පය ගොඩනැගූ එච්. ඒ. ධර්මසිරි මහතා ප්‍රධාන සම්පත් දායකයා ලෙස බඳවාගෙන තිඛෙන අතර මෙම සම්පත් දායක කණ්ඩායමේ සහාය ගුරුවරුන් ලෙස විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන ආර්.එම්. ප්‍රේමතිලක මහතා, විශ්‍රාමික ගණිත ගුරු එච්.පී. ලීලාරත්න මහතා, හිටපු උප විදුහල්පතිවරයෙකු මෙන්ම ගණිත ගුරුවරයෙකු වන දිලීප රෝහණ මහතා සම්බන්ධ කරගෙන තිඛෙන අතර ඉගෙනීමේ ශිල්පීය ක්‍රම සහ ජීවන කුසලතා ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙකු වන අනුරාල් ජයවර්ධන මහතා පුහුණුකරුවෙකු ලෙස සම්බන්ධ කරගෙන ඇත.
මෙම සම්පත් දායක කණ්ඩායමට උපදේශකයින් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ආර්. සංජීව මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ සහතික ලත් ආයතනික පුහුණුකරුවෙකු සහ බාහිර කථීකාචාර්ය වරයෙකු මෙන්ම ආයතනික අංශයේ උපදේශකයෙකු වන සනත් පී. විදානගමගේ මහතා සහයෝගය දක්වයි.
කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ සත්කාරක භාරය විසින් සහාය දක්වන ප්‍රධාන වැඩසටහනක් වන්නේ සිසුන්ගේ තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමේ ජාතික ව්‍යාපෘතියයි. මෙම වැඩසටහන යටතේ බැංකුව විසින් පරිත්‍යාග කර ඇති පරිගණක විද්‍යාගාර දැනට සිසුන් 170,000 කට පමණ ප්‍රතිලාභ ලබා දී ඇත.
බැංකුවේ ආයතනික සමාජ සත්කාරක භාරය විසින් අධ්‍යාපනික අංශය යටතේ සිදුකරන සමාජ සත්කාරක වැඩසහන් අතර උපාධි අපේක්ෂකයින් සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව සහ ලැප්ටොප් පරිගණක ලබාදීම, ග්‍රාමීය සිසු දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම, බැංකුවේ අන්තර් ජාල අධ්‍යාපන වැඩසටහන යටතේ සිස්කෝ නෙට්වර්කින්ග් ඇකඩමිය සමග ඒකාබද්ධවී IT Essentials නැමති පාඨමාලාව ගුරුවරුන්ට සහ සිසුන්ට නොමිලේ ලබාදීම කැපී පෙනේ. අන්තර් ජාල අධ්‍යාපනය සිදුකිරීමට පහසුකම් සැපයීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් 2015 මුලදී ‘සිප්නැණ‘ නමින් නව අධ්‍යාපනික වෙබ් අඩවියක් එළිදැක්වූ අතර අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සූදානම් වන සිසුන්ගේ ගණිතය කුසලතාවය වැඩිදියුණු කිරීම සඳහා අන්තර් ජාලය ඔස්සේ පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලබාදීමේ නව ව්‍යාපෘතියක්ද පසුගියදා දියත් කරන ලදී.
මෙරට තුළ ශාඛා 246 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 618 ක් තිඛෙන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම පස් වතාවක් තේරී පත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුවයි. 2014 වසරේදී ලංකාවේ වඩාත් වටිනාම පුද්ගලික අංශයේ සන්නාමය ලෙසත් වසර ගණනාවක් පුරා මෙරට හොඳම බැංකුව ලෙසත් තවත් දෙස් විදෙස් සම්මාන රැසකට කොමර්ෂල් බැංකුව පාත්‍රවී ඇත. ලංකා වාණීජ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට 2013 දී සහ 2014 වසරේදී බැංකුව තෝරා ගන්නා ලදී.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. 2015 සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමුපෙළ බැංකුවක් ආරම්භ කිරීමේ නියාමන අනුමැතිය බැංකුවට හිමිවිය.
(ඉහළ) ගණිත සහ විශ්ලේෂණ කුසලතා වර්ධනය කිරීමට නිර්මාණය කරන ලද ක්‍රීඩා වල නිරත වන සිසුන් පිරිසක්. (පහළ) කොමර්ෂල් බැංකුව විසින් දොම්පේ කණිෂ්ඨ විද්‍යාලයට පරිත්‍යාග කරන ලද ගණිතාගාරය.
Video Story