December, 9, 2015
ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ සීපා ගිවිසුම වෙනුවට ආර්ථික හා තාක්ෂණික ගිවිසුමක් අත්සන් කළ යුතු බවට තීරණය කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (9) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියේය.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ගිවිසුම භාණ්ඩ හා තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා පමණක් වලංගු වන බවත් වෘත්තීය සේවාවන් සඳහා එය වලංගු නොවන බවත්ය.
ඉන්දියාව සමඟ පමණක් නොව චීනය හා සිංගප්පූරුව සමඟත් මෙවැනිම ගිවිසුම් අත්සන් කිරීමට තමන් බලාපොරොත්තුවන බවත් මෙම නව ගිවිසුම් නිසා මෙරට තරුණ තරුණියන් ලක්ෂ ගණනකට අලුතෙන් රැකියා ආදායම් මාර්ග හිමිවන බවත්, එතුළින් විරැකියාවට තිරසාර විසඳුමක් ලබා ගත හැකි බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Video Story