May, 26, 2014
සී.අයි.සී. හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයා ලෙස හර්ෂ අමරසේකර මහතා පත්කර තිබේ.
2014 ජනවාරි 01 වනදා සිට සමාගමේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළ හර්ෂ අමරසේකර මහතා සී.අයි.සී. හෝල්ඩින්ග්ස් හි, ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේය.
2014 මැයි 23 වනදා සිට සී.අයි.සී. හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරීවරයා ලෙස එස්.පී.එස් රත්නතුංග මහතා පත්කර තිබෙන අතර අධ්යක්ෂවරුන් ලෙස පත්කර තිබෙන්නේ ඊ.එෆ්.ජී. අමරසිංහ, ආර්.එන්. ආසීර්වාතම්, ආර්.එස්. කැප්ටන්, එස්.එම්. එන්ඩර්බයි, එම්.පී. ජයවර්ධන හා මහාචාර්ය පී.ඩබ්ලිව්.එම්.බී.බී. මාරඹේ යන මහත්වරුන්ය.