සුපිරි ලාභ බදු යළිත් නැහැ

    November, 20, 2015

    මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන සමාගම්වලට බදු සහන ලබා දීමට පියවර ගනු ලබන බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

    එසේම පසුගිය අතුරු අයවැයේ දී හඳුන්වා දෙන ලද සුපිරි ලාභ බද්ද (Super Gain Tax) ගෙවීම සඳහා පෙරමුණට පැමිණ රජයේ ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන් සමාගම් වෙත සිය ස්තුතිය පුද කර සිටින බව වැඩිදුරටත් පැවසූ මුදල් අමාත්‍යවරයා සුපිරි ලාභ බද්ද එක්වරක් පමණක් ගෙවිය යුතු බද්දක් ලෙස හඳුන්වා දුන් බවත් ඉදිරියේ දී තවදුරටත් සුපිරි ලාභ බද්දක් අය නොකරන බවත් සඳහන් කළේය.