සුපිරි වාසි බද්ද ගෙවිය යුතු අවසාන දිනය අදයි

    December, 31, 2015

    පසුගිය රජයේ අතුරු අයවැයෙන් යෝජනා කරන ලද සුපිරි වාසි බද්ද ගෙවිය යුතු අවසාන දිනය 2015 දෙසැම්බර් 31 වශයෙන් සඳහන්වේ. දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද චක්‍රෙල්ඛනයට අනුව වාරික තුනකින් අදාළ බදු මුදල් ගෙවීමට අවස්ථාව ලබා දී ඇත.

    මෙහිදී පළමු වාරිකය 2015 ඔක්තෝබර් 31 හෝ ඊට පෙර, දෙවන වාරිකය 2015 නොවැම්බර් 30 හෝ ඊට පෙර හා තෙවන වාරිකය 2015 දෙසැම්බර් 31 හෝ ඊට පෙර යනාදී වශයෙන් ගෙවිය හැකි බව එම චක්‍රෙල්ඛනයේ සඳහන් වේ.

    යම් සමාගමක් 2013/14 මූල්‍ය වර්ෂයට අදාළව රුපියල් බිලියන 2 කට වැඩි බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කළේ නම් එයින් 25% ක් සුපිරි වාසි බද්දක් වශයෙන් ගෙවිය යුතු බව පසුගිය ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තම අතුරු අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේය.

    Video Story

    Stock Market

    Exchange Rates