December, 14, 2015
2009 අංක 49 දරණ සුරක්ෂිතලත් ගනුදෙනු පනත ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම පනතෙහි ඇතැම් විධිවිධාන බලාත්මක කිරීමේ දී පැනනඟින ගැටලු හේතුවෙන් එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමට අපහසු වී තිබීම මීට හේතුවයි.
2009 වසරේ දී මෙම පනත සම්මත කරගනු ලැබූවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ණය ලබාගැනීමේ දී සුරැකුම් ලෙස ඉදිරිපත් කළ හැකි ඉඩම් වැනි ස්ථාවර වත්කම් එකී ව්‍යාපාර සතුව නොමැති අවස්ථාවල දී එම ව්‍යාපාර සතු යන්ත්‍රසූත්‍ර වැනි ජංගම වත්කම් සුරැකුම් ලෙස තබා බැංකු හා මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීම වෙනුවෙනි.
මෙහිදී රජය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉහත පනත වෙනුවට වර්තමානයට ගැළපෙන පරිදි නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ආමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බවයි.
Video Story