සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ නැංවීමට ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    December, 12, 2025

    සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් තව දුරටත් ඉහළ නැංවීම සඳහා ඇති ගැටලු පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ප්‍රේමරත්න මහාත ඇතුළු නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අතර සාකච්ඡාවක් අද (12) මුදල් අමාත්‍යාංශයේ දී පැවත්විණ.

    සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන පද්ධතිය ස්ථාපනය කිරීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි. ආදායම් රැස් කිරීම සඳහා දැනට ප්‍රධාන බාධාවක් වී පවතින නිලධාරීන්ගේ හිගය පිළිබඳ එහි දී වැඩි අවධානයක් යොමු විය.

    විශේෂයෙන් ම දැනට පවතින සේවා උසස්වීම් පටිපාටියේ ඇති ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග, සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීම සහ සුරාබදු නිලධාරීන්ගේ දිරි දීමනා පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.