සුරැකුම්පත් හා විනිමය කොමිසමට පොලිස් පුහුණුව

    January, 8, 2016

    අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ (CID) හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ලයනල් ගුණතිලක මහතා ගේ සේවය උපදේශකවරයෙකු (Consultant) ලෙසින් ලබා ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ (බාහිර සම්බන්ධතා හා අවේක්ෂණ), තුෂාර ජයරත්න මහතාගෙන් විමසීමක් කරන ලදී. එහිදී ඒ මහතා කියා සිටියේ කොමිෂං සභාවේ විමර්ශන අංශයේ කාර්ය මණ්ඩලය නිලධාරීන් වෙනුවෙන් මෙම පියවර ගනෙ ඇති බවයි.
    විමර්ශන කටයුතු සිදුකිරීම්වල දී ප්‍රශ්න කිරීම් වැනි අවස්ථාවන් සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන ප්‍රාගුණ්‍ය ලබාදීම සඳහා මෙලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සේවය උපදේශකවරයෙකු ලෙසින් ලබා ගැනීමට පියවර ගෙන ඇති ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    විමර්ශන අංශය සඳහා මේ වන විට නව කාර්ය මණ්ඩලයක් පත් කර ඇති බවත් එහි සිටි පැරණි කාර්ය මණඩල නිලධාරීන් පසුගිය දෙසැම්බර් මාසයේ සිට ආයතනයේ අනෙකුත් අංශ වෙත අනුයුක්ත කර ඇති බවත් තුෂාර ජයරත්න මහතා මෙහිදී පැවසීය.