සුරේන් රත්වත්තේට මිහින් ලංකා ත් භාරදෙයි

    October, 26, 2015

    පසුගිය දා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් වැඩ භාර ගත්, කපිතාන් සුරේන් රත්වත්තේ මහතා මිහින් ලංකා ගුවන් සේවයේ ද ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් පත් කර තිබේ.

    ගුවන් සේවා කර්මාන්තයේ වසර 30 කට අධික අත්දැකීම් සහිත කීර්තිමත් ගුවන් නියමුවකු වන රත්වත්තේ මහතා, බෝයිංග් B-777 සහ එයාර්බස් A-380 යනාදී ගුවන් යානා හැසිරවීමේ හසළ අත්දැකීම් ඇත්තෙකි. පියාසර පැය 18,000 ක ගුවන් ගමන් අත්දැකීම් ඔහු සතුවේ.