April, 8, 2025
එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය දිනය නිමිති කර ගනිමින් ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සූදානම්ද?’ යන වැඩසටහන දියත් කිරීමට සුව දිවිය කටයුතු කරන ලදී. සේවකයින්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදීම හා තිරසාර සුවතා වැඩසටහන් සංවිධානය කිරීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහනක් වන මෙහි පළමු වැඩසටහන සන්ෂයින් හෝල්ඩිංග්ස් වෙනුවෙන් සංවිධානය කර තිබිණ. එහි අරමුණ වූයේ සේවක සේවිකාවන් තුළ සෞඛ්‍ය, යහපැවැත්ම හා තිරසාර සංස්කෘතියක් ඇති කිරීමයි. ඒ වෙනුවෙන් උනන්දුවක් දක්වන සියලු ආයතනයන්ට සේවා ස්ථානය සෞඛ්‍ය සම්පන්න අවකාශයක් බවට පරිවර්තනය කිරීම සඳහා මෙම වැඩසටහන සමඟ එක්වන ලෙස සුව දිවිය ආයතනික නායකත්වයට, මානව සම්පත් නිලධාරීන්ට හා සෞඛ්‍ය හා ආරක්ෂණ නිලධාරීන්ට ඇරයුම් කර සිටියි.
සුවපත් බව ප්රමුඛ කරගත් සේවා ස්ථානයක්
සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බලකායක ඵලදායීතාව ඉහළ නැංවීම, සෞඛ්‍ය සේවා වියදම් අවම කිරීම සහ වඩාත් ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනැංවීම සඳහා යහපත් සෞඛ්‍යය ඉතා වැදගත් සාධකයක් වේ. සෑම ආයතනයක්ම තම සමාගමේ ආරක්ෂාව, පාරිසරික තිරසාරත්වය හා සේවක වැඩසටහන් සඳහා ආයෝජනය කරන අතරම සේවක සේවිකාවන්ගේ දිගු කාලීන සෞඛ්‍යය පිළිබඳවද කැපවීමෙන් කටයුතු කළ යුතුය. ඒ වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා සේවා ස්ථාන පරිසරය වෙනස් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලෙස සුව දිවිය පදනමේ නිර්මාතෘ වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි මහත්මිය සියලු සමාගම්වලින් ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය පෙරියසාමි මහත්මිය සඳහන් කර සිටියේ “තනි පුද්ගල තේරීමක් පමණක් නොවන සෞඛ්‍ය සම්පන්න බව පහසුවෙන් සපුරා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම නිවැරදි සෞඛ්‍යය ලෙස අර්ථ දැක්විය හැකියි. තමන්ගේ ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් උනන්දුව වන අයුරින්ම සෞඛ්‍යය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ආයතන ක්‍රියාකාරීව කටයුතු කළ යුතුයි. එය ඉතා කුඩා පියවරක් වුවත් ඉන් ඇති කළ හැකි බලපෑම ඉතා විශාලයි. ඒ තුලින් සේවකයින්ගේ සතුට සෞඛ්‍ය සම්පන්න බව මෙන්ම ඵලදායීතාව ඉහළ නැංවීමට අවස්ථාව උදා වනවා” යනුවෙනි.
ආයතනය තුළ ප්‍රායෝගික ප්‍රතිඵල පහසුවෙන් ළගා කරගත හැකි ආකාරය
ආයතන සඳහා සුව දිවිය සහාය වන ආකාරය
සෞඛ්‍ය සම්පන්න හා වඩා ඵලදායී ශ්‍රම බලකායක් ඇති කර ගැනීම සඳහා ව්‍යාපාරවලට උපකාර කිරීමට කැපවී සිටින සෞඛ්‍ය සම්බන්ධ උපදේශන ආයතනයක් ලෙස සුව දිවිය සඳහන් කළ හැකිය. එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය දිනය නිමිති කරගනිමින් ක්‍රියාත්මක ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සූදානම්ද?’ යන වැඩසටහන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමඟින් ආරම්භ විය. යහපැවැත්ම වෙනුවෙන් සේවකයින් ක්‍රියාශීලීව සම්බන්ධ කර ගැනීම සඳහා නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ, ප්‍රවීණයින් විසින් මෙහෙයවනු ලබන සාකච්ඡා හා සෞඛ්‍ය සම්පන්න ආහාර අත්දැකීම් ලබා දීම මෙහිදී සිදු වේ. දියවැඩියාව, හෘද රෝග, ආතති කළමනාකරණය සහ සේවා ස්ථාන යහපැවැත්ම ඇතුලු ප්‍රධාන තේමාවන් පිළිබඳ විශේෂ සැසි සංවිධානය කිරීමටද සුව දිවිය පදනම කටයුතු කරනු ලබයි. එහිදී ඒ ඒ සේවා ආයතනවලට වඩාත් ගැලපෙන සුවතා වැඩසටහන් පැවැත්වීමට ඔවුන් කටයුතු යොදා ඇත. එසේම සේවක සේවිකාවන් වෙත දිගුකාලීන බලපෑමක් ඇති කිරීම සඳහා පුහුණු වැඩසටහන් සහ උපාය මාර්ගික හවුල්කාරීත්වයන් ගොඩනගා ගැනීමටද සුව දිවිය පදනම කටයුතු කරයි.
සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බලකායක් ගොඩනඟමු
සේවක යහ පැවැත්ම සඳහා කැපවීම එම ආයතනයේ ඵලදායීතාව ඉහළ නැංවීමට පමණක් නොව දිගුකාලීන ව්‍යාපාර සාර්ථකත්වය සඳහාද ඉතා වැදගත් වේ. ඵලදායී හා සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බලකායක් පවත්වා ගැනීම සඳහා ආයතනය වෙත සහාය වන සුව දිවිය පදනම ඒ වෙනුවෙන් තමන් සමඟ එක් වන ලෙස සියලු ආයතන වෙත ඇරයුම් කර සිටියි.

Video Story