සුළං හා සූර්යබල දෙමුහුන් විදුලි උත්පාදන උද්‍යානයක් පුනරින් හි ඉදිකෙරේ

    May, 25, 2017

    සුළං බලශක්තිය මඟින් මෙන්ම සූර්ය බලශක්තිය මඟින් ද විදුලිය නිපදවීම සඳහා යෝග්‍ය ප්‍රදේශයක් ලෙස ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් පූනරින් ප්‍රදේශය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මඟින් හඳුනාගනු ලැබ ඇත.

    ඒ අනුව, මෙගාවොට් 240ක ධාරිතාවකින් යුත් සුළං සහ මෙගාවොට් 800ක ධාරිතාවකින් යුත් සූර්ය දෙමුහුන් බලාගාර උද්‍යානයක් පූනරින් ප්‍රදේශයේ ඉදි කිරීමේ ව්‍යාපෘතිය අදියර තුනක් (03) යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    විදුලිය ජනනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව, පසුගිය කාලය තුළ එවැනි බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවනු ලැබ ඇත. එසේම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සැලකිය යුතු විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට තවදුරටත් එකතු කිරීමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates