July, 6, 2018
කොළඹ කොටස් වෙළෙඳපොළේ දැනට පවතින ප්‍රධාන හා දිරිසවි පුවරුවලට අමතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටම වෙන් වූ පුවරුවක් හඳුන්වා දීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදුවිය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති රනෙල් ටී විජේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක ඇතුළු ප්‍රාග්ධන හා මූල්‍ය වෙළෙඳපොළෙට සම්බන්ධ පාර්ශවකරුවන් රැසක් එක්වී සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය මංගල සමරවීර මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළේ සුළු හා මධ්‍යපරිමාණ පුවරුව හඳුන්වාදීම කාලීන තීරණයක් බවත් මෙය මෙරට පුද්ගලික ව්‍යවසායන් සවිබලගැන්වීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් බවත් කියා සිටියේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටම වෙන් වූ මෙම නව පුවරුව EMPOWER පුවරුව ලෙසින් නම් කර තිබේ. මෙම පුවරුවෙහි ලැයිස්තුගත වීමෙන් පොදු මහජනතාවට කොටස් නිකුත් කර ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම අදහස් කෙරේ.
ණය ලබා ගැනීමේ දී එය අනාගතයේ දී පොලියක් සමඟ නැවත පියවීමක් කළ යුතු වුවත්, කොටස් නිකුත් කිරීම හරහා එසේ සිදු නොවන අතර එය ප්‍රාග්ධන වියදම්, මෙහෙයුම් ප්‍රාග්ධනය, අපත්පත්කර ගැනීම්, වෙළෙඳපොළ සේවා සහ අනෙකුත් වර්ධන මූලාරම්භයන් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනයකරදීමේ ප්‍රධාන මෙවලමකි.
මෙහිදී සමාගමේ වත්කම් තහවුරු කිරීම් හෝ පෞද්ගලික ඇපකාරීත්වයන් අපේක්ෂා නොකරන අතර උපායමාර්ගික වශයෙන් වැදගත් ආයෝජකයින් ආකර්ෂණය කර ගනිමින් ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට අවකාශ හිමිවේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ EMPOWER පුවරුවෙහි ලැයිස්තුගත වීම සඳහා සපුරාලිය යුතු මුලික අවශ්‍යතාවයන් පහත පරිදි වේ.
Video Story