March, 4, 2026
ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳ ගනියි
නෙස්ලේ ලංකා හි B2B අංශය වන Nestlé Professional, 2026 Nestle Golden Chef’s Hat සහ 2026 Nestle Golden Chef’s Hat Junior තරඟාවලි සංවිධානය කිරීම සඳහා ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්රය තුළ ඉහළ යමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාවන් හඳුනා ගැනීම, ඉහළ නැංවීම හා සංවර්ධනය කිරීම මෙම තරඟාවලියේ අරමුණ වී ඇත. දීප ව්‍යාප්ත තරඟාවලිය තුලින් මෙරට හෝටල් ක්ෂේත්රයේ හා තරුණ සූපවේදීන්ගේ ඉදිරි ගමනට ශක්තියක් වෙමින් Nestlé Professional සිදු කරන කැපවීමද මේ තුලින් මනාව පිළිබිඹු වේ.
මෙහිදී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් 2026 Nestlé Golden Chef’s Hat තරඟාවලියේ වෘත්තීය කාණ්ඩය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට නියමිතය. ඒ යටතේ දිවයින පුරා කලාප 8ක තරඟ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කලාපීය තරඟ වටයන්හිදී වෘත්තීය සූපවේදීන්ට ඔවුන්ගේ සූප ශාස්ත්‍ර හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම එම හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමටද අවස්ථාව උදා වනු ඇත.
මීට සමගාමීව ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සහ ලංකා සූපවේදීන්ගේ සංගමය සමඟ එක්ව සූප ශාස්ත්‍රය පිළිබඳ හදාරන සිසු සිසුවියන්ගේ හැකියාවන් හා කුසලතාවයන් ඉහළ නැංවීමේ අරමුණින් 2026 Junior Nestlé Golden Chef’s Hat තරඟාවලියද සංවිධානය කිරීමටද Nestlé Professional කටයුතු යොදා ඇත. දිවයින පුරා පිහිටි ප්රමුඛ හෝටල් පාසල්හිදී මෙම තරඟාවලියේ කලාපීය තරඟයන් පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා සිය හැකියාවන් තුලින් සූපවේදී විශිෂ්ටයින් බවට පත්වීමට බලාපොරොත්තු වන තරුණ සූපවේදී සිසු සිසුවියන්ට ඒ සඳහා කදිම වේදිකාවක් නිර්මාණය කරමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හි සභාපති හා කළමනාකාර අධ්යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා “වසර 120කට වැඩි කාලයක් තිස්සේ ගුණාත්මක ආහාර පාන තුලින් මෙරට ජනතාවගේ ජීවිත නගා සිටුවීමට අපි කටයුතු කර තිබෙනවා. එහි තවත් සුවිසල් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආහාර පාන ක්ෂේත්රය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා වන 2026 Nestle Golden Chef’s Hat තරඟාවලිය සඳහන් කළ හැකියි. ක්ෂේත්රය පිළිබඳ ප්රවීනත්වය, දැනුම සහ අවස්ථාවන් සියල්ල එක් කරන 2026 Nestle Golden Chef’s Hat සහ 2026 Nestle Golden Chef’s Hat Junior තරඟාවලි තුලින් වෘත්තීය සූපවේදීන්ට මෙන්ම සූපවේදය පිළිබඳව හදාරන සිසු සිසුවියන්ට තමන්ගේ හැකියාවන් ඔප්නංවා ගැනීමේ හැකියාව උදා වනවා. නෙස්ලේ සමාගමේ Nestlé Needs YOUth වැඩසටහනෙහි අරමුණු මනාව පිළිබිඹු කරන මෙම තරඟාවලිය තුලින් වෘත්තීය දියුණුව හා ප්‍රජා දායකත්වය වෙනුවෙන් අවශ්‍ය හැකියාවන් හා ප්‍රායෝගික අත්දැකීම් හරහා තාරුණ්‍යය බල ගැන්වීමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා අප සමඟ අත්වැල් බැඳගෙන සිටින හවුල්කරුවන් සමඟ එක්ව අඛණ්ඩව ඉදිරියට යමින් ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය ලෝකයට ගෙන යන සූපශාස්ත්‍ර ක්ෂේත්රයේ උන්නතියට හේතුවන වැඩසටහන් සඳහා සහයෝගය ලබා දීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වනවා.” යනුවෙන් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ Nestlé Professional හි දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ, සෞරබ් මඛීජා මහතා මෙසේ සඳහන් කරන ලදී. “ Nestlé Professional ලෙස හෝටල් සත්කාරක කර්මාන්තයේ අනාගතය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය හැකියාවන්, උනන්දුව සහ අවස්ථාව ලබා දෙමින් සූපවේදීන් දිරිමත් කිරීමට අපි කටයුතු කර තිබෙනවා. නවෝත්පාදනය හා විශිෂ්ටත්වය අගයමින් සූප ශාස්ත්‍ර හැකියාවන් ඉහළ නංවන කදිම අවස්ථාවක් ලෙස Nestlé Golden Chef’s Hat තරඟය පෙන්වා දිය හැකියි. ඒ තුලින් අඛණ්ඩව සිය විශිෂ්ට හැකියාවන් ප්‍රදර්ශනය කර ඇති මෙරට හෝටල් ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් තරුණ සූපවේදීන්ට අවශ්‍ය ශක්තිය, දැනුම හා මඟ පෙන්වීම ලබා දීමට හැකිවී තිබෙනවා.”
Nestlé Professional Sri Lanka හි සහකාර අධ්යක්ෂ මධුරංග පෙරේරා මහතා සඳහන් කර සිටියේ “ 2026 Nestlé Golden Chef’s Hat සහ Nestlé Golden Chef’s Hat Junior තරඟය ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර හා හෝටල් ක්ෂේත්රයේ අනාගතය සඳහා කදිම ආයෝජනයක් ලෙස සඳහන් කළ හැකියි. ලංකා සූපවේදීන්ගේ සංසදය සහ ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ සහයෝගයෙන් යුතුව වෘත්තීය සූපවේදීන් හා හෝටල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ප්‍රායෝගික මැදිහත්වීම, ඉගෙනීම සහ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා විශ්වාසදායී අවස්ථාවක් සලසාදීම වෙනුවෙන් මෙම තරඟ සංවිධානය කර තිබෙනවා. නිරන්තරයෙන් සූපවේදීන්ගේ අනාගතය වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන හරහා ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සහ හෝටල් අංශයේ සාර්ථකත්වය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා” යනුවෙනි.
ලංකා සූපවේදීන්ගේ සංගමයේ සභාපති සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ මෙම 2026 Golden Chef’s Hat තරඟාවලිය හරහා Nestlé Professional සමඟ සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තම සංගමය බලාපොරොත්තු වන බවයි. එසේම මෙම තරඟය තරුණ සූපවේදීන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම හෝටල් ක්ෂේත්රයේ සාර්ථකත්වය වෙනුවෙන් විශ්වාසනීය ජාතික වේදිකාවක් නිර්මාණය කිරීමට අවස්ථාවක් වන බවද ඒ මහතා සඳහන් කරන ලදී.
මෙම තරඟයේ තම සහයෝගීතාව පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය ගීතාංජලී චක්‍රවර්ති මහත්මිය “ Nestlé Professional සහ ලංකා සූපවේදීන්ගේ සංසදය සමඟ එක්ව 2026 Junior Nestlé Golden Chef’s Hat Competition තරඟය සංවිධානය කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. මෙම තරඟාවලිය හෝටල් ක්ෂේත්රයේ සිසු සිසුවියන්ගේ දැනුම ඉහළ නැංවීමට, ඔවුන්ගේ ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කිරීමට සහ වෘත්තීය ජීවිතයේ මුලු කාලයේදීම කර්මාන්ත භාවිතයන් යොදා ගැනීමේ හැකියාව ලබා දෙන අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි” යනුවෙන් පැවසීය.
අද මෙන්ම ඉදිරි පරම්පරාවේත් ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ආහාරයන් සතු හැකියාව විදහා දැක්වීමේ අරමුණින් දරුවන්ගේ සිට මහලු විය දක්වා ශ්‍රී ලංකාවේ පවුල් පරම්පරාවන් වෙත ඉහළම තත්වයේ පෝෂණීය ආහාර පාන ලබා දීමට නෙස්ලේ කටයුතු කර ඇත. නිරන්තරයෙන් ආහාර සේවා වෘත්තිකයින් සමඟ එක්ව කටයුතු කරන නෙස්ලේ ලංකා හි B2B අංශය වන Nestlé Professional Sri Lanka සාර්ථකත්වය වෙනුවෙන් අවැසි සුවිශේෂී ව්‍යාපාරික අභියෝග හා අවස්ථා සඳහා විසඳුම් ලබාදීම සඳහා කැපවී කටයුතු කරයි.
Photo caption: වමේ සිට දකුණට - කීර්ති පතිරාජ මහතා (සහකාර අධ්යක්ෂ -නීති සහ රෙගුලාසි සබඳතා - නෙස්ලේ ලංකා සමාගම), සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් මහතා (සභාපති - ලංකා සූපවේදීන්ගේ සංසදය), බර්නි ස්ටෙෆන් මහතා (සභාපති හා කළමනාකාර අධ්යක්ෂ - නෙස්ලේ ලංකා සමාගම), සෞරබ් මඛීජා මහතා (අධ්යක්ෂ - Nestlé Professional - දකුණු ආසියානු කලාපය), මධුරංග පෙරේරා මහතා (සහකාර අධ්යක්ෂ - Nestlé Professional), අචාර්ය ගීතාංජලී චක්‍රවර්ති මහත්මිය (සභාපතිනි - ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය).
Video Story