October, 11, 2016
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණය පිළිබඳ ගත යුතු පියවර සම්බන්ධයෙන් නිරීක්ෂණයට අග්‍රාමාත්‍යතුමන් ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය දා එහි සංචාරය කළ බවත් මෙම ක්‍රීඩාංගණය නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැයවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මෙසේ කියා සිටියේය.
“අප කිව්වා ග්‍රවුන්ඩ් එකයි, විකටුයි, ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය දේ කොහොමත් නඩත්තු කර ගෙන යන්න කියලා. ඒක අපිට ගැටළුවක් නැහැ. අදටත් ඉතාම හොඳ තත්ත්වයේ ග්‍රවුන්ඩ් එකත්, විකට් එකත්, අවුට් ෆීල්ඩ් එකත් තියෙනවා. ක්‍රීඩාංගණය හදලා තියෙන විදියට ඒකේ තියෙනවා එයාර් කන්ඩිෂන් ප්‍රශ්නයක්. ඒක සෙන්ට්‍රල් එයාර් කන්ඩිෂන්. සාමාන්‍යයෙන් ඉස්කෝල මැච් එකක් ගැහුවත්, ක්ලබ් මැච් එකක් ගැහුවත් සෙන්ට්‍රල් එයාර් කන්ඩිෂන් ඕන් කරන්න ඕනේ. අපි කිව්වා ජාත්‍යන්තර ක්‍රීඩාංගණ අංශයෙන් යෝජනාවක් දෙන්න කියලා. ඒ ගොල්ලෝ යෝජනාවක් දීලා තියෙනවා ඒයාර් කන්ඩිෂන්ස් අලුතින් හදන්න කියලා. අපි ඒකට ලක්ෂ 100 ක් වෙන් කරලා තියෙනවා. අම්පයාර්ස්ලා සහ ප්ලේයර්ස්ලා ඉන්න ටිකට විතරක් ඒසී හදන්න. නැත්තන් දවසකට ලක්ෂ දෙකක් විතර කරන්ට් බිල යනවා. අපිට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ.“
“මාසෙකට දැනට සාමාන්‍ය වශයෙන් ලක්ෂ 7 ක් යනවා ක්‍රීඩාංගණයට, හැම මාසමෙ කරන්ට් බිල 250,000 ක්. මැච් ගැහුවත් නැතත්. අවුරුද්දට රුපියල් මිලියන 10ක් විතර. අපිට ඔරොත්තු දෙන්නේ නැහැ මේක. අපි උත්සාහ කරන්නේ මේක හදා ගෙන දේශීය තරඟවලට හරි යොදා ගන්න. මොකද මේ ක්‍රීඩාංගණය හොඳයි. අඩුම තරමින් බංග්ලාදේශ සංචාරය වෙන කොට එක එක්දින තරඟයක් හෝ මෙහි පවත්වන්න අපි උත්සාහ කරනවා.“ යැයි සභාපතිවරයා කියා සිටියේය.