සෙත්මා රෝහල බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන දිනයි

    December, 11, 2025

    මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන ගම්පහ සෙත්මා රෝහල ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2025 බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ ආගන්තුක සත්කාර, සංචාරක සහ වෙනත් සේවා අංශයේ විශිෂ්ටම ව්‍යවසායකයා  (මධ්‍යම පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. 2006දී ගම්පහදී ආරම්භ වූ සියලු පහසුකම්වලින් සමන්විත සෞඛ්‍ය සේවා සපයන්නකු වන සෙත්මා රෝහල වර්තමානයේදී විශාල දියුණුවක් ලබා තිබේ. සභාපති වෛද්‍ය ඩී. සී. එස්. ජයසූරිය මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන එය සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කවුන්සිලයේ (PHSRC) ලියාපදිංචිය ලබා ඇත.

    ඇඳන් 70කින් සමන්විත නවීන රෝහලක් වන එය ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ක්‍රියාත්මක වේ. සෙත්මා රෝහල වැඩිහිටි රැකවරණ, හදිසි ප්‍රතිකාර, මාතෘ හා බිළිඳු ප්‍රතිකාර, දන්ත හා හෘද රෝග සායන, වේදනා කළමනාකරණය, චර්ම රෝග ප්‍රතිකාර, රූපලාවණ්‍ය සත්කාර, බාහිර රෝගී ප්‍රතිකාර, අක්ෂි ප්‍රතිකාර, වෛද්‍ය පරීක්ෂණ, රසායනාගාර සේවා, පෝෂණ හා ශරීර බර කළමනාකරණය, සුළු හා සාමාන්‍ය ශල්‍යකර්ම, ඔසුසල ඇතුළු සේවා රැසක් සපයයි. 0335626626 හෝ  www.sethmahospitals.com ඔස්සේ වැඩි විස්තර ගත හැකිය. සෙත්මා රෝහල සුළු  හා සාමාන්‍ය  ශල්‍යකර්ම කළ හැකි අංග සම්පූර්ණ ශල්‍යාගාර දෙකකින් සහ පූර්ණ වෛද්‍ය පරීක්ෂණ සේවා සපයන සම්පූර්ණ ස්වයංක්‍රීය වෛද්‍ය රසායනාගාරයකින් සමන්විත වේ. නේවාසික රෝගීන්ට සුව පහසු කාමර ඛාණ්ඩ කිහිපයක් හඳුන්වා දී ඇත. ඉඩ කඩ සහිත පරිශ්‍රය, වෛද්‍යවරුන් හමුවීමේ කාමර, දවස පුරා ක්‍රියාත්මක තොරතුරු කවුළුව, පුළුල් රථ ගාල, නැවුම් ආහාර පාන සහිත අවන්හල ඇතුළු සියලු පහසුකම් ස්ථාපනය කර තිබේ. රෝහලට පැමිණෙන ළමුන්ට ඔවුන් සඳහාම වෙන් වූ ස්ථානයක කෙළිදෙලෙන් කාලය ගත කළ හැකිය. 2017දී සහ 2018දී ලංකා වාණිජ මණ්ඩලය බස්නාහිර පළාතේ විශිෂ්ටම සේවා ව්‍යවසායකයා සඳහා පිරිනැමූ සම්මාන දිනා ගැනීමට සෙත්මා රෝහලට හැකි විය. වර්තමානයේදී දිවයින පුරා විවිධ ප්‍රදේශවලින්  විශේෂඥ වෛද්‍යවරු 70කට වැඩි පිරිසක් එම රෝහලට පැමිණෙති.