March, 17, 2016
නවලෝක හොස්පිටල්ස් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙතු ලෙසින් කටයුතු කළ ආචාර්ය ටී. සෙන්තිල්වේල් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඒ පිළිබඳ දැනුම් දෙමින් සමාගම කියා සිටින්නේ 2016 මාර්තු 10 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය සෙන්තිල්වේල්, සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු නොකරන බවයි.
කෙසේ වෙතත් 2016 මාර්තු 16 දින වන විට නවලෝක සමාගමේ කොටස් 1,415,785 ක හිමිකාරීත්වය ටී. සෙන්තිල්වේල් මහතා සතු වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර පසුගිය මාර්තු 10 වන දින නවලෝක රෝහලේ තමන් සතුව තිබූ කොටස් මිලියන 192 ක් විකුණා දැමීමට ආචාර්ය සෙන්තිල්වේල් කටයුතු කළේය. එහි ගැණුම්කරුවා වූයේ සුප්‍රක ව්‍යාපාරික ධම්මික පෙරේරා යි.
Video Story