සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කෙරේ

    December, 21, 2016

    පසුගිය සිකුරාදා (16) දින සිදු වූ ලංකා බැංකුවට අයත්, සෙලාන් බැංකු සමාගමේ කොටස් මිලියන 13 ක කොටස් ගනුදෙනුව අවලංගු කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මේ බව තහවුරු කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජීව බණ්ඩාරනායක මහතා කියා සිටියේ, අදාළ ගනුදෙනුව අවලංගු කිරීම සඳහා ඊට පහසුකම් සපයනු ලැබූ කොටස් තැරැව්කාර සමාගමෙන් ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණු බවත්, කොටස් වෙළෙඳපොළ නීතී රීතිවලට අනුව එවැනි ඉල්ලීමක් කිරීමට කොටස් තැරැව්කාර සමාගමට හැකි බවත්ය.

    මේ අනුව අදාළ ගනුදෙනුව ඊයේ දිනයේ (20) දී අවලංගු කර තිබේ.

    මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පළ කළ අදහස් පහතින් ශ්‍රවණය කළ හැකිය.

    https://www.youtube.com/watch?v=Y1YcalUIdNc