February, 27, 2019
මෙවරත් රාජකීය - ශාන්ත තෝමස් වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට අනුග්‍රහකත්වය ලබාදීමට සෙලාන් බැංකුව ඉදිරිපත් වී සිටී.
පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුර පරිශ්‍රයේ පැවති උත්සවයකදී සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ටිලාන් විජයසේකර මහතා විසින් අදාළ අනුග්‍රාහකත්ව චෙක්පත රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති මාක් බිල්මෝරියා පියතුමන් වෙත පිරිනමන ලදි.
ප්‍රෞඪ ඉතිහාසයක් සහිත රාජකීය - ශාන්ත තෝමස් වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම ලොව අඛණ්ඩව පැවැත්වෙන දෙවැනි පැරණිතම වාර්ෂික ක්‍රිකට් තරගය ලෙස සැලකේ. ‘Battle of the Blues’ නමින් හැඳින්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ අන්තර් පාසල් ක්‍රිකට් තරග අතර ප්‍රමුඛතම තරගයකි.
“අඛණ්ඩව දෙවැනි වරටත් රාජකීය - ශාන්ත තෝමස් වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ නිල බැංකු සහකරු ලෙස එක්වීමට ලැබීම අපට විශාල සතුටක්. මෙය හුදෙක් සුවිශේෂී ඉතිහාසයක් ඇති ක්‍රිකට් තරගයක් පමණක් නොවෙයි. මෙය දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන් සහභාගී වන, ක්‍රීඩාශීලීත්වය, සුහදත්වය වැනි බොහෝ ගුණාංග වල වැදගත්කම අවධාරණය කෙරෙන, සමාජයීය වැදගත්කමක්ද සහිත ඉසව්වක් ලෙස හැඳින්වීමට පුළුවන්.” සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා මහතා පැවසී ය.
140 වැනි රාජකීය - ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම 2019 මාර්තු 07 දින සිට 09 දින දක්වා කොළඹ SSC ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
ඡායාරූපය : සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ටිලාන් විජයසේකර මහතා අදාළ අනුග්‍රාහකත්ව චෙක්පත රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති මාක් බිල්මෝරියා පියතුමන් වෙත පිරිනැමූ අවස්ථාව
Video Story