September, 16, 2020
සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රන් ණය පොළිය මසකට 0.79% ක් දක්වා තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන ඇත. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන් මුහුණදෙන මුල්‍යමය අභියෝග සඳහා සහනයක් ලබාදීමේ අරමුණින් සෙලාන් බැංකුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දැනට වෙළෙඳපොළේ ඇති අඩුම මාසික පොළියක් අය කරන බැංකුවක් බවට සෙලාන් බැංකුව පත්ව සිටී. එම තීරණයට අනුව කැරට් 24 රන් පවුමක් සඳහා රු. 66,000 ක ඉහළම අත්තිකාරම් මුදලක් පිරිනමන සෙලාන් බැංකුව, මාස 3 සිට අවුරුද්දක් දක්වා ආකර්ෂණීය යළි පියවීමේ සැලසුම් ද පාරිභෝගිකයන් හට ලබාදී ඇත.
අවම ලියකියවිලි සමඟින් කඩිනමින් සිය මුල්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීමේ අවශ්‍යතාව මැනවින් හඳුනාගනිමින් සෙලාන් බැංකු කණ්ඩායම පාරිභෝගිකයන්ගේ පුද්ගලික හෝ ව්‍යාපාරික මුල්‍ය අරමුණු අවශ්‍යතා ඉටුකර දීම සඳහා මෙලෙස රන් ණය සේවාව තවදුරටත් සකස් කිරීමට කටයුතු යොදා ඇත. රන් ණය සේවා පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ ඔවුන්ට සහයෝගය ලබාදීම සඳහා සිය කාර්යමණ්ඩලය පුහුණුකිරීමටත්, අවශ්‍ය යටිතලපහසුකම් බහුතර ශාඛා ප්‍රමාණයක ස්ථාපනය කිරීමටත් සෙලාන් බැංකුව මේ වන විට ද ක්‍රියාකර තිබේ.
සෙලාන් බැංකුව වසංගත තත්වය හේතුවෙන් පාරිභෝගිකයන් මුහුණදෙන මුල්‍යමය අභියෝග විශ්ලේෂණය කරමින් ඔවුන් මුල්‍යමය වශයෙන් නගාසිටුවීමේ පොදු අරමුණ පෙරදැරිව කටයුතුකරන පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුවක් ලෙස කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. ව්‍යාපාරිකයන් හට සිය ව්‍යාපාරික කටයුතු යළි ගොඩනගා ගැනීම සඳහා තම රන් වත්කම් යොදාගැනීමේ අවස්ථාව උදාකිරීමේ අරමුණින් සෙලාන් කණ්ඩායම රන් ණය සේවාව හඳුන්වා දෙන ලදි. එම සේවාව මඟින් මාසික පොළිය තවදුරටත් අඩුකිරීම සහ ඉහළම අත්තිකාරම් මුදලක් පිරිනැමීම හරහා පාරිභෝගිකයන් හට වෛද්‍ය, අධ්‍යාපනික වියදම් සහ එදිනෙදා ගෘහාශ්‍රිත අවශ්‍යතා සඳහා කඩිනම් මුල්‍ය අවශ්‍යතා සපුරාගැනීමට මෙම සේවාව මහඟු පිටිවහලක් වී ඇත.
තවද, අමතර ලියකියවිලිවලින් තොරව යන්ත්‍රෝපකරණ සහ මෙවලම් මිලදී ගැනීම සඳහා නිෂ්පාදන ක්ෂේත්රයේ නියැලී සිටින සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන්ට ද, පොහොර සහ කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට හා කෘෂි ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපාරිකයන්ට ද, කුඩා ව්‍යාපාර ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්රාග්ධනය සම්පාදනයකර ගැනීමට අපේක්ෂාකරන තරුණ ව්‍යවසායකයන්ට ද තම උසස් අධ්‍යාපන සිහිනය සැබෑකර ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට අපේක්ෂාකරන තරුණ විධායක නිලධාරීන්ට ද මෙම රන් ණය සේවාව සෙලාන් බැංකුව හරහා හිමිකර ගත හැකිය.
සියලුම පාරිභෝගිකයන්ගේ රත්රන්වල උපරිම ආරක්ෂාව සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වගකීම සෙලාන් බැංකුව නොපිරිහෙලා ඉටුකරයි. රන් ණය සේවාව පිරිනැමීමේ පහසුකම් සලසා ඇති සියලුම ශාඛාවල රන් ණය සේවාව සඳහා ම වෙනම ඒකකයක් ස්ථාපිතකර ඇති අතර රන් භාණ්ඩවලට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා ඒවායේ බර මැනීම සඳහා උසස් ම තාක්ෂණයෙන් යුතු මෙවලම් ලබාදීමට ද පියවර ගෙන ඇත. ලියකියවිලි රැසක් ඉදිරිපත් කිරීමට සිදුවීම සහ ආදායම් පරතරය හේතුවෙන් පුද්ගලික ණයක් ලබාගැනීමට නොහැකිව සිටින පාරිභෝගිකයන් හට ළඟම පිහිටි සෙලාන් බැංකු ශාඛාව වෙත පිවිස එහි නියෝජිතයෙකු සමඟ සම්බන්ධවන ලෙස බැංකුව ආරාධනාකර සිටී.
සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, නවීන තාක්ෂණය, නවෝත්පාදන සේවා සහ විශිෂ්ටත ම සේවාව සමඟින් සිය වටිනා පාරිභෝගිකයන් හට අසමසම බැංකුකරණ අත්දැකීමක් හිමිකර දීමේ දැක්මට අනුව කටයුතු කරයි. ශීඝ්‍රයෙන් වර්ධනයවන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකින් යුතුවන සෙලාන් බැංකුව දිවයින පුරා ශාඛා 173 ක් හා ATM යන්ත්‍ර 216 ක් හරහා සිය සේවාව ලබාදෙනු ඇත.
ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A(lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇති අතර, මේවන විට S&P Dow Jones SL 20 දර්ශකයට ද ඇතුළත්ව සිටී. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.
සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර www.seylan.lk වෙත පිවිසෙන්න.
Video Story