සෙලාන් බැංකුව අඛණ්ඩව 14 වන වරටත් ප්‍රධාන හවුල්කරු ලෙස ‘කැදැල්ල Art of Living 2025’  සමග අත්වැල් බැඳගනී

    November, 10, 2025

    සෙලාන් බැංකුව අඛණ්ඩව 14 වන වරටත් ප්‍රධාන හවුල්කරු (Title Partner) ලෙස කටයුතු කරන ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයේ 2025 අදියර නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ විශාලතම නිවාස සහ ගෘහ අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනයේදී පුළුල් පරාසයක පැතිරුණු නිවාස සහ ගෘහ අලංකරණ විසඳුම් රාශියක් එකම ස්ථානයකදී දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව හිමි වේ.  

    ප්‍රධාන හවුල්කරු වශයෙන් සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනය තුළදී ජනතාවගේ පෞද්ගලික සහ නිවාස අවශ්‍යතාවන්ට ගැළපෙන බැංකු සේවාවන් රාශියක් ලබාදෙනු ඇත. මෙම සේවාවන් අතරට සූර්ය බලශක්ති ණය පහසුකම් ඇතුළුව විවිධාකාර වූ නිවාස හා පෞද්ගලික ණය මෙන්ම ලීසිං සේවා, ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම හා ඉතුරුම් ගිණුම්, තැන්පතු සහ ඩිජිටල් බැංකුකරණ සේවා ආදිය ඇතුළත් වන අතර, මේ සියල්ල ජනතාවට ‘සෙලාන් කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනයේ සෙලාන් බැංකු කුටියෙන් ලබාගත හැකි වේ.

    ප්‍රදර්ශනය අතරතුරදී ජනතාවට සෙලාන් නිවාස ණය සම්බන්ධයෙන් පූර්ණ මගපෙන්වීමක් ලබාදීම සඳහා සෙලාන් බැංකුවේ නිවාස ණය විශේෂඥයන් කණ්ඩායමක් සූදානමින් සිටිති. ඔවුන් විසින් තරගකාරී පොලී අනුපාත මෙන්ම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන මූල්‍ය උපදෙස් පිරිනමමින්, ණය අයදුම් කිරීමේ සිට අනුමැතිය ලබා දීම දක්වා සෑම අදියරකදීම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහය ලබා දෙනු ඇත. එමෙන්ම ලියකියවිලි ක්‍රියාවලිය ආරම්භ වූ පසුව නිරන්තරයෙන් ඒ පිළිබඳව සොයාබලා ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමටද ඔවුන් කටයුතු කරන අතර, මේ සියල්ල මගින් ගනුදෙනුවරුවන්ට ඉතාමත් පහසු, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සේවාවක් හිමි වේ.

    පසුගිය වසරේ ‘සෙලාන් කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයේදී ඉහළ ප්‍රතිචාර ලැබුණු සෙලාන් සූර්ය බලශක්ති ණය සඳහා මෙවර ප්‍රදර්ශනයේදීද විශේෂ අවධානයක් යොමු වනු ඇත. මේ වන විට සෙලාන් සූර්ය බලශක්ති ණය වැඩසටහන සමග වෙළඳ හවුල්කරුවන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වී සිටින අතර, ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරාම නිවාසවලට තිරසාර බලශක්ති විසඳුම් හඳුන්වා දීමේ අරමුණින් මෙම වෙළඳ හවුල්කරුවන් ජාලය තවදුරටත් පුළුල් කිරීමට සෙලාන් බැංකුව කටයුතු කරමින් සිටී.

    “කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනය සමග අප පවත්වාගෙන යන දීර්ඝකාලීන හවුල්කාරීත්වය මෙලෙස 14 වන වරටත් අලුත් කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම ප්‍රදර්ශනය තම සිහින නිවස ඉදිකිරීමට, වැඩිදියුණු කිරීමට හෝ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට කදිම වේදිකාවක් ලෙස හැඳින්විය හැකියි. නිවාස හා පෞද්ගලික ණය සේවාවන්හි සිට සූර්ය බලශක්ති මූල්‍ය පහසුකම් හා ඩිජිටල් බැංකු සේවාවන් දක්වා පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය විසඳුම් හරහා, සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයන්ට තම ජීවන රටා අභිලාෂයන් විශ්වාසයෙන් යුතුව සාක්ෂාත් කරගැනීම සඳහා ඔවුන් සවිබලගැන්වීමේ මෙහෙවර අප අඛණ්ඩව සිදුකරමින් සිටිනවා." සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පාරිභෝගික බැංකුකරණ ඉයුජීන් සෙනෙවිරත්න මහතා පැවසීය.

    Asia Exhibition and Conventions (පෞද්ගලික) සමාගම විසින් අඛණ්ඩව 19 වන වරටත් සංවිධානය කරනු ලබන ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනයට ගෘහ අලංකරණය, දේපළ වෙළඳාම්, ගෘහ භාණ්ඩ, ගෘහෝපකරණ, ටයිල්, ආලෝකකරණ උපාංග සහ මුළුතැන්ගෙයි උපකරණ ඇතුළුව විවිධාකාර වූ ජීවන විලාසිතා නිෂ්පාදන හා සේවා රාශියක් ප්‍රදර්ශනය කෙරෙන වෙළඳ කුටි 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ. එබැවින් මෙය නිවාස හිමියන් මෙන්ම අනාගතයේදී නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නන්ද අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ප්‍රදර්ශනයක් ලෙස හැඳින්විය හැක.

    සෙලාන් බැංකුවේ මූල්‍ය සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනයේ සෙලාන් කුටියට පැමිණෙන්න. නැතිනම් 011 200 88 88 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

     

    ඡායාරූපය (වමේ සිට): ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනයේ ප්‍රධාන හවුල්කරු ලෙස සෙලාන් බැංකුව කටයුතු කරන බව නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවට එක් වූ Asia Exhibition and Conventions (පෞද්ගලික) සමාගමේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ලෝචන අන්දරමාන, එම සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ කාවිංග පෙරේරා, සාමාන්‍යාධිකාරී ශාමලී ජයරත්න සහ කළමනාකාර අධ්‍යක්ෂ ටිරෝන් චන්ද්‍රසේකර සමග සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ඉයුජීන් සෙනෙවිරත්න, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ සහ විකුණුම්) ආසිරි අභයරත්න සහ ප්‍රධාන කළමනාකරු (අලෙවිකරණ) නලින් කරුණාරත්න යන මහත්ම මහත්මීන්