January, 14, 2025
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව නිල බැංකු හා ලීසිං හවුල්කරු ලෙස කටයුතු කළ ‘Colombo Motor Show 2024’ ප්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගත් 7 වන අවස්ථාව මෙයයි. මෙය ශ්‍රී ලංකාවේ රථවාහන පිළිබඳව උනන්දුවක් දක්වන්නන් අතර ජනප්‍රියම මූල්‍ය සේවා සම්පාදකයා ලෙස සෙලාන් බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් විය.
2024 දෙසැම්බර් 06, 07 සහ 08 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීමට 60,000 කට අධික පිරිසක් පැමිණියහ. රථවාහන ක්ෂේත්රයේ නවතම ප්රවණතා දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව සලසා දුන් එම ප්‍රදර්ශනයේදී විදුලි වාහන කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබුණු අතර එය රථවාහන කර්මාන්තයේ අනාගත දිශානතිය මැනැවින් සංකේතවත් කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.
මෙහිදී විශේෂයෙන්ම ‘Fast Track’ ලීසිං පහසුකම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. මෙම ලීසිං පහසුකම මගින් ගනුදෙනුකරුවන්ට පැය 24 ක් ඇතුළත තමන් සිහින දකින වාහනය (විදුලි හෝ සාමාන්‍ය වාහන) තමන් සතු කරගැනීමට අවස්ථාව හිමි වේ. මෙහිදී නරඹන්නන්ට ලීසිං පහසුකම් ලබාගැනීමේදී අයකරනු ලබන සේවා ගාස්තු සඳහා 50% ක වට්ටමක්ද පිරිනමන ලදී. මීට අමතරව මෙහිදී සෙලාන් බැංකුව හඳුන්වා දී ඇති නවතම සේවාවක් වන, ගනුදෙනුකරුවනට මුදල් හදිසියකදී ඉතාමත් පහසුවෙන් මුදල් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ‘Speed Drive Instant Cash’ පහසුකම පිළිබඳවද නරඹන්නන් දැනුවත් කරන ලදී.
Asia Exhibition and Conventions (පුද්.) සමාගම මගින් අඛණ්ඩව 18 වන වරටත් සංවිධානය කරන ලද Colombo Motor Show 2024 ප්‍රදර්ශනය, රථවාහන අමතර කොටස් සහ උපාංග ඇතුළු විවිධ භාණ්ඩ හා සේවාවන් ඇතුළත් ප්‍රදර්ශන කුටි 200 කට අධික සංඛ්‍යාවකින් සහ රථවාහන ක්ෂේත්රයට සම්බන්ධ සජීවී ඉසව් රැසකින් සමන්විත විය. ප්‍රදර්ශනය භූමියේදී පවත්වන ලද යතුරු පැදි සහ මෝටර් රථ ධාවන ඉසව් සම්බන්ධයෙන් තරුණ තරුණියන් අතර විශාල උනන්දුවක් දක්නට ලැබිණි.
තවද මෙහිදී නරඹන්නන්ට සෙලාන් බැංකුවේ නියෝජිතයන් සමග සම්බන්ධ වෙමින්, මේ වනවිට මෙරට තුළ බෙහෙවින් ජනප්‍රිය වී ඇති සෙලාන් ලීසිං සේවාවන් පිළිබඳව මෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඉතුරුම් සේවාවන් ඇතුළු තවත් සේවාවන් රාශියක් පිළිබඳව තොරතුරු දැනගැනීමට අවස්ථාව හිමි විය.
සෙලාන් බැංකුවේ ලීසිං හා අනෙකුත් මූල්‍ය සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු 011-200 88 88 ක්ෂණික ඇමතුම් අංකය අමතා ලබාගත හැක.
Video Story