July, 28, 2020
සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රු. මිලියන 4 ක ආයෝජනයකින් ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ භෝජනාගාරය මුළුමනින් ම නවීකරණය කිරීමට කටයුතු කළේය. මෙලෙස නවීකරණය කෙරුණු භෝජනාගාරය, සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී රමේෂ් ජයසේකර සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 2020 ජුලි මස 7 වනදා ජාතික රෝහල් පරිශ්‍රයේදී නිල වශයෙන් බාර දෙන ලදි.
භෝජනාගාරය සඳහා නව දොරටුවක් සකස් කිරීම, බිම ටයිල් ඇතිරීම, සමස්ත පරිශ්‍රය ම අලුතින් තීන්ත ආලේප කිරීම, ජල නල සහ විදුලි රැහැන් පද්ධති නවීකරණය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් මෙම වැඩසටහන යටතේ සිදු කෙරිණි. Covid-19 වසංගතයට එරෙහි සටන සඳහා සෙලාන් බැංකුව දක්වන කැපවීම මෙම වැඩසටහන මඟින් තවදුරටත් පිළිබිඹු විය. මෙම වසර මුලදී සෙලාන් බැංකුව නැගෙනහිර කොළඹ මූලික රෝහල සඳහා සියලු පහසුකම්වලින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීමට ද කටයුතු කළේය. සෙලාන් බැංකුවේ කාර්යමණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද දිනක වැටුප සහ සෙලාන් බැංකුව විසින් පරිත්‍යාග කරන ලද ඊට සමාන මුදල මඟින් එම ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනිණි.
මෙරට Covid-19 වසංගතය පාලනය කිරීම සඳහා දිවා-රෑ වෙහෙස වී කටයුතු කරන සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ කාර්යමණ්ඩලය ඉටු කරන සේවය වෙනුවෙන් සෙලාන් බැංකුව සිය කෘතඥතාව පළ කර සිටී. රට වසා දමා තිබූ තත්ත්වයෙන් අපේක්ෂා කළ කාලයට පෙර යළි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඔවුන්ගේ එම කැපවීම බෙහෙවින් ඉවහල් විය. එම කැපවීමට කෘතඥතාව පළ කිරීමක් ලෙස සෙලාන් බැංකුව රෝහල්වල කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ඉදිරිපත් විය.
සෙලාන් බැංකුව යනු සම්ප්‍රදායික බැංකුකරණය අභිබවා යන සේවාවක් ලබා දීම සඳහා මුළුමනින් ම කැපවූ බැංකුවකි. මෙරට ජනතාවගේ සුරක්ෂිතතාව නඟාසිටුවීමට කටයුතු කරන අතරම සියලු පාරිහෝගික ජනතාවගේ මුල්‍ය යහපැවැත්ම තහවුරු කිරීම ද සෙලාන් බැංකුවේ අරමුණයි.
Video Story