November, 10, 2016
සෙලාන් බැංකුව සිය වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින්, 2016 වර්ෂයේ සැප්තැම්බර් 30 දිනට අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා රුපියල් මිලියන 2,828 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය 2015 වර්ෂයේ එම කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් මිලියන 2,730 ක බදු ගෙවීමෙන් පසු ලාභය හා සැසඳීමේ දී 3.6% ක වර්ධනයකි.
මෙම කාලපරිච්ඡේදය තුළ දී බැංකුව විසින් තිරසාර ණය වර්ධනයක් සනිටුහන් කරමින් 33.7% ක පොළී ආදායමෙහි වර්ධනයක් ලබා තිබේ. වසර තුළ දී පොළී වියදම් 59.5% ක වර්ධනය හේතුවෙන් බැංකුවේ ආන්තිකය අඩුවිය.
2016 සැප්තැම්බර් 30 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුල ශක්තිමත් ශේෂ පත‍්‍ර වර්ධනය හේතුවෙන් ශුද්ධ පොළී ආදායම රුපියල් මිලියන 8,850 සිට රුපියල් මිලියන 9,552 දක්වා 7.9% ක ඉහළ යාමක් වාර්තා කර ඇත.
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 2016 වසරේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 1,869 සිට රුපියල් මිලියන 2,202 දක්වා 17.8% ක වර්ධනයක්, කාඞ්පත් අත් කර ගැනීම්, වෙළෙ`ද මූල්‍ය හා ආශි‍්‍රත ගාස්තු ආදිය මගින් ලබා ඇත.
මේ අතර වර්ෂ 2016 මුල් මාස 09 තුළ දී වෙළෙ`දපොළ, මූල්‍ය උපකරණ හා විදේශ විනිමය ලාභයන් අඩංගු බැංකුවේ වෙනත් මෙහෙයුම් ආදායම, වර්ෂ 2015 දී වාර්තා කළ රුපියල් මිලියන 1,230 සිට රුපියල් මිලියන 1,122 දක්වා 8.78% කින් පහළ ගොස් තිබේ. පොළී අනුපාත ඉහළ යන ප‍්‍රවණතාව හමුවේ රජයේ සුරැුකුම්පත්වලින් ලද ගළපන ලද වෙළෙ`දපොළ මිලට සැකසීම් තුළින් වන අලාභ මේ ස`දහා ප‍්‍රධාන වශයෙන් බලපා තිබේ.
2016 වසරේ මුල් මාස 09 තුළ දී සම්පූර්ණ වියදම් හි එකතුව රුපියල් මිලියන 6,515 සිට රුපියල් මිලියන 7,146 දක්වා 9.7% ක වර්ධනයක් වාර්තා වේ. තාක්ෂණ හා අඛණ්ඩ මානව සම්පත් හා සේවා ඉහළ නැංවීම ස`දහා කරන ලද ආයෝජන වියදම් ඉහළ යාම මේ ස`දහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇත. බැංකුව තුළ කි‍්‍රයාත්මක කදිම සංකල්ප හා මනා පිරිවැය කළමනාකරණය මෙම ප‍්‍රධාන වියදම් මාර්ගයන් තීරණය කිරීමේදී ආධාර විය.
2016 වසරේ මුල් මාස 09 තුළ බැංකුවේ ශුද්ධ ණය වර්ධනය 15.01% ක් ලෙසින් සටහන්වේ. මෙහිදී රුපියල් මිලියන 193,104 සිට රුපියල් මිලියන 222,083 දක්වා ශුද්ධ ණය වර්ධනයක් වාර්තා වී ඇත. මෙම කාලපරිච්ඡේදය තුළ දී අකී‍්‍රය ණය අනුපාතිකය 5.12% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර නව ප‍්‍රතිකාර්මික විසඳුම් හඳුන්වා දීමත් සම`ගම වසර අවසානය වන විට මෙහි වැඩිදියුණුවක් බලාපොරොත්තු වේ.
2016 සැප්තැම්බර් 30 න් අවසන් කාලපරිච්ඡේදය තුළ බැංකුවේ සමස්ත තැන්පතු පදනම රුපියල් මිලියන 224,525 සිට රුපියල් මිලිියන 250,691 දක්වා ඉහළ ගොස් ඇත. වර්ෂ 2015 අවසානයේ දී ස්ථාවර තැන්පතු පදනම 61.98% ක් වූ අතර එය 64.64% දක්වා මෙම කාලපරිච්ඡේදය තුළ දී වර්ධනය වී තිබේ. අඩු වියදම් තැන්පතුවල සිට ඉහළ ඵලදාවක් හිමි ස්ථාවර තැන්පතු දක්වා අදාළ කාලපරිච්ඡේදය තුළ දී පොදුවේ දක්නට ලැබුණු විතැන්වන තත්ත්වයක් හමුවේ බැංකුවේ CASA (ජංගම හා ඉතුරුම් ගිණුම්) අනුපාතිකය 33.65% ක කාර්යසාධනයක් වාර්තා කර තිබේ.
බැංකුව සිය ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතීන් තවදුරටත් අඩු පහසුකම් සහිත පාසැල් සඳහා පුස්තකාල ලබා දීමේ සත්කාර්යය මෙම වකවානුව තුළ දී කි‍්‍රයාවට නංවන ලදී. මෙහිදී 2016 මුල් මාස 09 තුළ දී තවත් පුස්තකාල 24 ක් විවෘත කිරීමට බැංකුවට හැකියාව ලැබිණි. එම`ගින් විවෘත කරන ලද පුස්තකාල ගණන 104 කි. මේ අතර 2013 වසරේ දී විවෘත කරන ලද පුස්තකාලවල තත්ත්වය වැඩිදියුණු කිරීමේ කටයුතුවල ද බැංකුව මේ වන විට නිරතව සිටී.
සිය ගණුදෙනුකරුවන්ට සිය ශාඛා ජාලය හරහා ගූණාත්්මක බවින් ඉහළ සේවා අත්දැකීමක් ලබාදීමට බැංකුවේ ප‍්‍රමුඛ අවධානය ලැබී තිබේ. ඒ අනුව 2016 සැප්තැම්බර් 30 වන දිනට බැංකුවේ ශාඛා ජාලය ශාඛා 166 ක්, ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍ර 193 ක් හා පාසැල් දරුවන් සඳහා වන ඉතිරි කිරීමේ මධ්‍යස්ථාන 100 කින් සමන්විත විය.
වර්ෂ 2016 සැප්තැම්බර් 30 දිනට බැංකුවේ ප‍්‍රධාන ප‍්‍රාග්ධන හා බැංකුවේ සමස්ත ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මකතා අනුපාතික පිළිවෙලින් 10.26% හා 12.87% මට්ටම්වල පවතින අතර එය අවම නියාමන අවශ්‍යතාවන් වන 5% හා 10% මට්ටම් අභිබවා තිබේ'
2016 ජූලි මාසයේදී ෆිච් ආයතනය පිරිනමන ‘ස්ථාවර ප‍්‍රතිරූපය’, (stable outlook) නමැති ශ්‍රේණිගත කිරීම සමගින් 'A –lka’ බැංකු ශ්‍රේණිගත කිරීම හිමි කරගැනීමටද බැංකුව සමත් විය.
වර්තමානයේ දී බැංකුව විසින් සිව් අවුරුදු උපක‍්‍රමික සැලැස්මක් සකස් කරමින් සිටින අතර බැංකුවේ උපක‍්‍රමික අරමුණු සාක්ෂාත් කර ගැනීම එම`ගින් බලාපොරොත්තු වේ. ඩිජිටල් විසදුම් හරහා තාක්ෂණික පරිවර්තනයක් ඇති කිරීම, තෝරා ගත් වෙළෙ`දපොළ ඛණ්ඩ වර්ධනය කර ගැනීම හා විශිෂ්ට සේවායෝජකයෙකු වීම මෙහි මූලික අරමුණු වේ.
මෙම ප‍්‍රශංසනීය කාර්ය සාධනයෙහි ප‍්‍රතිඵලයක් ලෙස 2016 තෙවන කාර්තුවේදී එක් කොටසක් සඳහා ඉපයූ අගය 3.6% කින් ඉහළ ගොස් රුපියල් 8.20 ක් වූ අතර වත්කම් මත ඉපැයුම් (බදු පෙර ලාභය) හා ප‍්‍රාග්ධනය මත ඉපයුම් පිළිවෙලින් 1.74% ක් හා 15.37% ක් ලෙස සටහන් විය. 2016 සැප්තැම්බර් 30 වන දිනට බැංකුවේ එක් කොටසක් සඳහා වන ශුද්ධ වත්කම් වල වටිනාකම රුපියල් 76.39 කි. (සමූහය රුපියල් 79.93 කි.)
Video Story