October, 5, 2016
2016 ඔක්තෝබර් මස පළමු ගනුදෙනු දිනය සනිටුහන් කරමින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී සමාගම උත්සවාකාරයෙන් ගනුදෙනු කටයුතු ආරම්භක සීනුව නාද කිරීමට පසුගියදා එක් විය.
මෙහිදී අදහස් දක්වමින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී සමාගමෙහි සභාපති ගොඩ්වින් පෙරේරා මහතා පවසා සිටියේ රට තුල තිරසාර සංවර්ධනයක් උදෙසා කෙරෙන කටයුතු සඳහා තම සමාගමෙහි පුර්ණ සහයෝගය ලබා දෙන බවයි. තව දුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ රක්ෂණය, බලශක්තිය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා මූල්‍යමය සේවා යනාදී අත්‍යවශ්‍ය සේවාවන් තුලින් එම සහයෝගය ලබා දෙන බවයි.
කොළඹ කොටස් වෙළඳපොළ තුලින් ජාත්‍යන්තර වශයෙන් ඉහල පිළිගැනිමක් හිමි දැවැන්ත සමාගම් වන ජපානයේ මිට්සු සුමිටෝමෝ ඉන්ෂුවරන්ස් සමාගම, ස්වීට්සර්ලන්ත බැන්ක් පික්ටෙට් ඇන්ඩ් සයි සමාගම සහ ඉන්දියාවේ ශ්‍රීරම් සීටී යුනියන් ෆයිනැන්ස් සමාගම යන සමාගම් හරහා ආයෝජන දායකත්වය ලබාගැනීමට හැකි වි ඇති බවද එතුමා පැවසිය.
පෙරේරා මහතා සමඟ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී සමාගමෙහි අධ්‍යක්ෂවරුන් පැට්‍රික් අල්විස් මහතා, තුෂාර රණසිංහ මහතා, ආචාර්ය ජගත් අල්විස් මහතා සහ උපාලී විතාරණ මහතාද මෙම අවස්ථාවට සහභාගී විනි. කොළඹ කොටස් වෙළඳපොළ නියෝජනය කරමින් සභාපති වජිර කුලතිලක මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන මහතා සහ ඉහල පෙළේහි කළමනාකාරිත්ව පිරිස්ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ කොළඹ කොටස් වෙළඳපොළේහි සභාපති වජිර කුලතිලක මහතා, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී සමාගමේ දීර්ඝ කාලීනව ගොඩනැගු ශක්තිමත් වර්ධනය හා කොටස් හිමියන් සදහා දැක්වූ දායකත්වය ඇගයීමකට ලක් කළේය.
තව දුරටත් අදහස් පළකරමින් එතුමා ප්‍රකාශ කල සිටියේ කොළඹ කොටස් වෙළෙඳපොළ තුලින් ආයෝජකයන් හට ලබාදෙනු ලබන සේවාවන් වැඩි දියණු කිරීම සඳහා නොයෙක් සංවර්ධන කටයුතු ගණණාවක් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.
ඡායාරූපය (වමේ සිට දකුණට) - තුෂාර රණසිංහ මහතා, රේණුක විජයවර්ධන මහතා, ආචාර්ය ජගත් අල්විස් මහතා, වජිර කුලතිලක මහතා, ගොඩ්වින් පෙරේරා මහතා, පැට්‍රික් අල්විස් මහතා, උපාලී විතාරණ මහතා.