March, 11, 2026
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන පන්ති කාමර ඉදිකිරීමේ දිගුකාලීන සමාජ සත්කාරක වැඩසටහන පුළුල් කරමින් අම්පාර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි සම්පත් ඌන පාසල් වෙනුවෙන් නව පන්ති කාමර ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා අරමුදල් සපයා ඇත.
සෙලින්කෝ ලයිෆ් හි මෙම වැඩසටහනින් දැනටමත් පන්ති ගොඩනැගිලි 89 ක් ඉදිකර තිබේ.
අම්පාර උදයගිරි විද්‍යාලයේ සහ ගාල්ල ගල්ලන්දර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරෙන නව පන්ති ගොඩනැගිලි සම්පූර්ණ වන විට තාවකාලික ඉඩකඩවල පවත්වා යන පන්ති දෙකකට අවශ්‍ය පහසුකම් සැලසේ.
මෙම පාසල් දෙකෙහිම සිසුන්ට ආරක්ෂිත මෙන්ම කල් පවතින ලෙස අඩි 20 x 20 ක පන්ති කාමර පරිත්‍යාග කරනු ඇත.
ගුරුවරුන් 20 දෙනෙකු සහ සිසුන් 160 දෙනෙකුගෙන් යුත් උදයගිරිය විද්‍යාලයේ නව ගොඩනැගිල්ල පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් නිර්මාණය වෙයි. සිසුන් 138 දෙනෙකු සහ ගුරුවරුන් 18 දෙනෙකුගෙන් යුත් ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැතිව අධ්‍යාපනය හැදෑරූ 10 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් නව පන්ති කාමරය පිරිනැමෙනු ඇත.
මෙම ව්‍යාපෘති දෙක මඟින් ඵලදායී අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති පාසල් නඟා සිටුවීම සඳහා සෙලින්කෝ ලයිෆ් දරන උත්සාහය කැපී පෙනෙයි. පන්ති කාමර ඉදිකිරීමේ වැඩසටහන මඟින් සෙලින්කෝ ලයිෆ් දීප ව්‍යාප්ත ජාලය හරහා වඩාත්ම අවශ්‍යතා ඇති පාසල් හඳුනා ගනිමින් ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරමින්, ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් ඉදිකිරීම් සඳහා අරමුදල් සැපයීම සිදු කරයි.
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් නිම කරන ලද සෑම පන්ති කාමරයක්ම සමාගම විසින් ම නඩත්තු කරනු ලැබේ.
2004 වසරේ දී ලුණුගම්වෙහෙර තිස්ස ප්‍රාථමික පාසල සඳහා තම පළමු පන්ති කාමරය ඉදි කළ දිනයේ සිට ගස් යට, අබලන් ශාලා හෝ කැඩී ගිය තාවකාලික ආවරණ යට ඉගෙන ගත් දරුවන් සඳහා පන්ති කාමර ඉදි කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම දිවයින පුරා පාසල්වලට සහයෝගය දක්වා ඇත. අම්පාර සහ ගාල්ල නගරය තුළ අධ්‍යාපනික පරිසරය වැඩිදියුණු කිරීමට සහ සිසුන්ට අභිමානයෙන් සහ ස්ථාවරව තම අධ්‍යයන කටයුතු වල නියැලීම වෙනුවෙන් දැමූ අත්තිවාරම මඟින් සමාගමේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු වේ.
2025 දී අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් වූ සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී. 2025 දී අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ද තේරී පත්වූ සෙලින්කෝ ලයිෆ් එමගින් මිලියන ගණනක් විශ්වාස කරන සන්නාමය ලෙස තම ස්ථානය නැවතත් තහවුරු කලේය.
පසුගිය වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙස දෙවරක් තේරී පත් වූ අතර ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත් ම අගය කරන ලද සමාගම් 10 අතරට ශ්‍රේණිගත කර ඇත.
Video Story