December, 26, 2024
සෙලින්කෝ ලයිෆ් හි ත්‍යාගශීලීත්වයෙන් මඩකලපුව ප්‍රදේශයේ දර්ශනීය වෙරළබඩ පිහිටි අරයම්පති හි දරුවන් සඳහා නව පාසල් වසර නව පන්ති කාමරයක් සමගින් ආරම්භ කිරීමේ හැකියාව ලැබී ඇත.
තලංකුඩා හි අරයම්පති ශ්‍රී විනයගර් විද්‍යාලයට සෞන්දර්ය විෂය සඳහා වන මෙම පන්තිකාමර ගොඩනැගිල්ල දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි ප්‍රතිපාදන මත ඉදි කරන ලදී. මෙය සමාගම විසින් ලාංකික පාසලක් සඳහා පන්තිකාමරයක් පරිත්‍යාග කරන ලද 89 වන අවස්ථාව වේ.
පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් 454 ක් හා ගුරුවරුවන් 32 ක් සේවය කරන මෙම පාසල සඳහා උපකාර කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ඉදිරිපත් වන විට එහි හොඳ තත්ත්වයේ පැවත ඇත්තේ එක් ගොඩනැගිල්ලක් පමණි.
ප්‍රමාණවත් පහසුකම් නොමැතිකමේ අභියෝග මධ්‍යයේ වුවද අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පවත්වා ගන්නා මෙම පාසල වෙත මන්මුනායි, මදුරාපුරම්, ෆාතිමාපුරම් සහ වෙදර්කුඩියිරිප්පු යන ආසන්න ප්‍රදේශවල ළමුන් ද අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙති.
මෙම දිගුකාලීන ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ සෙලින්කෝ ලයිෆ් විසින් ඉදිකරන ලද සෑම පන්ති කාමරයක්ම ශිෂ්‍ය පරම්පරා ගණනාවකට සේවා සැපයීම සහතික කිරීම සඳහා, සමාගම විසින් අඛණ්ඩව අධීක්ෂණය කර නඩත්තු කරනු ලැබේ.
2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
සේයාරු සටහන: (ඉහළින්) සෙලින්කෝ ලයිෆ් විසින් අරයම්පති ශ්‍රී විනයගර් විද්‍යාලයට පරිත්‍යාග කළ නව පන්ති කාමරය සහ ශිෂ්‍යයන් ඊට පෙර භාවිතා කරන ලද පැරණි පන්ති කාමරය.
Video Story