සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 09 අවසාන මහා තරඟයේ ජයග්‍රාහකයින් තෝරයි

    February, 5, 2016

    දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයෙහි ක්‍රියාත්මක වන දැවැන්තම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන ලෙසින් සැලකෙන ෆැමිලි සවාරි වැඩසටහනේ 09 වැනි අදියරේ අවසාන මහා දිනුම් ඇදීම ජනවාරි මාසයේදී සිදුකරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සියළු වියදම් දරමින් ජර්මනිය, ඩුබායි සහ සිංගප්පූරුව වෙත රැගෙන යන රක්ෂණ ඔප්පුහිමි පවුල්වල සාමාජිකයින් තෝරාගන්නා ලදී.

    2016 වැඩසටහනේ සුපිරි ත්‍යාගය ලෙස රක්ෂණ ඔප්පුහිමි පවුල්වල සාමාජිකයින් වෙත සමාගම විසින් සියළු වියදම් දරමින් පිරිනමන ජර්මනියේ සිදුකරන සංචාරය සඳහා ගල්කිස්ස, බණ්ඩාරගම, වැල්ලවත්ත, දෙනියාය සහ වත්තල ප්‍රදේශ නියෝජනය කරන පවුල් 05 ක සාමාජිකයින් සමාගම විසින් තෝරා ගත්තේය.

    මීට අමතරව, මෙම අවසාන මහා දිනුම් ඇදීමේදී සමාගම විසින් සියළු වියදම් දරන ඩුබායි සංචාරය සඳහා රක්ෂණ ඔප්පු හිමි පවුල් 10 ක සාමාජිකයින් තෝරාගත් අතර සිංගප්පූරුවේ සිදුකරන සංචාරය සඳහා රක්ෂණ ඔප්පු හිමි පවුල්වල සාමාජිකයින් 35 දෙනෙකු තෝරාගෙන තිබේ. මීට පෙර තිබූ දිනුම් ඇදීමේදී සිංගප්පූරු සංචාරය සඳහා රක්ෂණ ඔප්පු හිමි පවුල් 15 ක සාමාජිකයින් මෙවර ප්‍රවර්ධන වැඩසටහන යටතේ තෝරාගෙන තිබුණි. මීට අමතරව, ලෙෂර් වර්ල්ඩ්හිදී දිනක් ප්‍රීතිවීමේ අවස්ථාව සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල් 250 ක සාමාජිකයින් මෙම දිණුම් ඇදීමේදී දිනාගත් අතර මීට පෙර පැවති දිනුම් ඇදීමේ අවස්ථාවේදී තවත් රක්ෂණ ඔප්පුහිමි පවුල් 250 ක සාමාජිකයින්ට එම අවස්ථාව හිමිවී තිබුණි.

    මේ වසරේ ෆැමිලි සවාරි වැඩසටහන මගින් රක්ෂණ ඔප්පුහිමි පවුල්වල සාමාජිකයින් 2,260 දෙනෙකුට සමාගම විසින් ප්‍රතිලාභ පිරිනමන අතර මේ දක්වා මෙම වැඩසටහනින් ප්‍රතිලාභ ලබා තිඛෙන සමස්ත සංඛ්‍යාව 17,000 ඉක්මවන බව සමාගම සඳහන් කරයි.

    ෆැමිලි සවාරි වැඩසටහන මගින් විදහා දක්වන්නේ දේශීය වෙළඳ පොළ තුළ ජීවිත රක්ෂණයෙහි වැදගත්කම පිළිබඳව දැනුවත් කරමින් තම රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රතිලාභ ලබාදීමට සෙලින්කෝ ලයිෆ් සමාගම තුළ තිඛෙන කැපවීම සහ උනන්දුවයි. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ආයතනයක් විසින් සිදුකරන දැවැන්තම මෙන්ම ඉතාමත් සංකීර්ණ සංවිධාන ව්‍යුහයක් සහිත ප්‍රවර්ධන වැඩසටහනක් වන මෙය සැලකෙන්නේ දේශීය රක්ෂණ ක්ෂේත්‍රය තුළ තිඛෙන විශාලතම ප්‍රවර්ධන වැඩසටහන ලෙසයිග මෙරට විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන ජනතාව එක්තැන් කරමින් ඔවුන් අතර සමගිය සහ අන්තර් සබඳතාවය ගොඩනැගීම ඇතුළු යහපත් බලපෑම් රැසක් මෙම වැඩසටහන තුළින් සමාජයට එක්වීම කැපී පෙනේ.

    ෆැමිලි සවාරි 09 වැඩසටහනේ ප්‍රවර්ධන කාල සීමාව 2015 සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් කාලය දක්වා පැවැති අතර සියලූම ක්‍රියාකාරී දිගුකාලීන ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට මෙන්ම සෙලින්කෝ ලයිෆ් විශ්‍රාම සැලසුම් ගිණුම් හිමියන්ට දිනුම් ලබාගැනීමේ අවස්ථා රැසක් හිමිවූ අතර එය රක්ෂණ ඔප්පුවේ කාල සීමාව අනුව වැඩිවිය.

    ඔප්පු හිමියන්ගේ ළබැඳි බවට වටිනාකමක් එක් කිරීමට සෑම වසරකදීම ඔවුන්හට අමතර දිනුම් අවස්ථාවක් එක්කිරීමට සමාගම කටයුතු කරන අතර දශකයකට හෝ ඊට වැඩිකාලයක් ඔප්පුව ප්‍රාණවත්ව පවත්වාගෙන යන ඔප්පුහිමියන්ට උපරිම ලෙස දිනුම් අවස්ථා 10ක් දක්වා හිමිකර ගත හැක¡ මීට අමතරව, බැංකු අණකර වැනි සෘජු ගෙවීමේ ක්‍රමයක් භාවිතා කරමින් අවම වශයෙන් වාරික තුනක් ගෙවා තිඛෙන රක්ෂණ ඔප්පු හිමියන්ටද අමතර දිනුම් අවස්ථාවක් හිමිවේ.

    සමාගම පවසන්නේ මේ වසරේ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනමන විදේශ සංචාර සහ ලෙෂර් වර්ල්ඩ්හි දිනක් විනෝදවීමේ අවස්ථාව 2016 මාර්තු, අප්‍රේල් සහ මැයි මාස වලදී ලබාදෙන බවයි.

    මෙම සංචාර සඳහා මෙම වැඩසටහනේ සන්නාම තානාපතිවරුන් වන ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා, සංජීවනී වීරසිංහ මහත්මිය, රොෂාන් රණවන මහතා සහ ඔහුගේ ප්‍රියබිරිඳ වන කුෂ්ලානී මහත්මිය සහභාගීවනු ඇත.

    2004 වසරේ සිට ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිඛෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක්වේ.

    සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ආර්ගරෙන්ගනාදන් මහතා (දකුණේ) ෆැමිලි සවාරි 09 වැඩසටහනේ ප්‍රමුඛතම ජයග්‍රාහකයින් තෝරා ගනිමින්.