සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 19 මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින්ට දෙස් විදෙස් සංචාර

    February, 6, 2026

    ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සිය ෆැමිලි සවාරි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ 19 වන අදියරට අදාළ මහා දිනුම් ඇදීම තුළින් අමතක නොවන දෙස් විදෙස් අත්දැකීම් ලබා ගැනීම සඳහා ජයග්‍රාහී පවුල් සිය ගණනක් තෝරා  ගනිමින් ‘Run for Savari’ නමින් පැවැත්වූ තරඟයේ ජයග්‍රාහකයින් ද තෝරා ගෙන ඇත.

    මෙම දිනුම් ඇදීමේ දී, බීජිං වෙත සියලු‍ වියදම් සහිත සංචාරයක් වෙනුවෙන් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහක් එනම් 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් තේරී පත් විය. මෙම ජයග්‍රාහී පවුල් වෙන්නප්පුව, කැලණිය, ගොඩකවෙල, කඹුරුපිටිය සහ හෝමාගම යන සෙලින්කෝ ලයිෆ් ශාඛාවන්හි ගණුදෙණුකරුවන් වෙයි.

    මීට අමතරව පුද්ගලයින් 40 දෙනෙකුගෙන් සමන්විත පවුල් 10 ක් මැලේසියාවට එවැනිම සංචාරයක් දිනා ගත් අතර පර්ල් බේ තේමා උද්‍යානයේ දිනක විනෝද චාරිකාවක් සඳහා තවත් පවුල් 283 ක් එනම් සමස්තයක් වශයෙන් පුද්ගලයින් 1,000 ක් තෝරා ගන්නා ලදි.

    මෙම මහා දිනුම් ඇදීම ප්‍රථම වරට රක්ෂණ ඔප්පු හිමියන් නොවන අයට ෆැමිලි සවාරි අත්දැකීම හා එක් වීමට අවස්ථාව ලබා ‘Run for Savari’ නම් වෙබ් පාදක ක්‍රීඩාව හරහා නව ජයග්‍රාහකයින් තෝරා ගැනීම සමඟ නව මාවතක් විවර කරන ලදි. මෙම තරඟයෙන් ඉහළ ම ලකුණු ලබා ගත් 100 දෙනෙකු අතරින් ජයග්‍රාහකයින් සිව් දෙනෙකු තෝරා ගනිමින් ශ්‍රී ලංකාවේ තරු පන්තියේ හෝටල්වල නවාතැන් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. මීට පෙර සතිපතා ජයග්‍රාහකයින් 14 දෙනෙකුට රුපියල් 10,000ක් බැගින් වටිනා සුපිරි වෙළඳසැල් වවුචර් පිරිනමන ලදී.

    ‘Run for Savari’ තරඟයට සහභාගී වූ 7,500 කට අධික පිරිස අතරින් වැඩිම ලකුණු ලබා ගත් පුද්ගලයා ද දිනුම් ඇදීමේ දී ප්‍රකාශයට පත් කරන ලදී. වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ජයග්‍රාහකයා ලකුණු 109,458 ක් රැස් කළ අතර ඔහුට සෙලින්කෝ ලයිෆ් විසින් ත්‍යාගයක් ලෙස මැලේසියාවේ සංචාරයක් පිරිනමන ලදි.

    දිනුම් ඇදීම අවසන් වීමත් සමඟ දෙස් විදෙස් චාරිකා සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආරම්භ වන අතර එමඟින් නව ජයග්‍රාහකයින් පිරිසට ද ෆැමිලි සවාරි අත්දැකීම විද ගැනීමේ අවස්ථාව උදා වෙයි. 2007 වර්ෂයේ දී ආරම්භ කළ සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව පුරා රක්ෂණ ඔප්පුහිමි පවුල් 11,000 කට අධික සංඛ්‍යාවකින් පුද්ගලයින් 37,000 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමි වී ඇති අතර එමඟින් ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම සහ දිගු කාලීන ප්‍රතිලාභ වැඩසටහන ලෙස මෙම ෆැමිලි සවාරි වැඩසටහන පත් වී ඇත.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරමින් අඛණ්ඩව වසර 21 ක් පුරා ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා බවට පත්ව සිටියි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී. 2025 දී අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ද තේරී පත්වූ සෙලින්කෝ ලයිෆ් එමගින් මිලියන ගණනක් විශ්වාස කරන සන්නාමය ලෙස තම ස්ථානය නැවතත් තහවුරු කලේය. පසුගිය වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙස දෙවරක් තේරී පත් වූ අතර ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත් ම අගය කරන ලද සමාගම් 10 අතරට ශ්‍රේණිගත කර ඇත.

     

    සේයාරු සටහන: සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා (වමේ සිට පිළිවෙලින් 4 වන සහ 3 වන) සමාගමේ අධ්‍යක්ෂවරුන්, බස්නාහිර පළාත් සභාවේ ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සහ ෆැමිලි සවාරි සන්නාම තානාපතිවරුන් සමඟ ෆැමිලි සවාරි 19 මහා දිනුම් ඇදීමේ උත්සවයේදී.

    Video Story

    Stock Market

    Exchange Rates