January, 22, 2016
පැල 4000 ක් රෝපණය කරමින් දිවයින පුරා ක්‍රියාත්මක තිරසාරාත්මක වැඩසටහනක් දියත් කරයි
මෙරට ජීවීත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2016 වසර Going Green සංකල්පය යටතේ හරිතකරණය වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරමින් සමාගමේ කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය සහ අලෙවි කණ්ඩායම විසින් ජනවාරි මාසයේ සතියක් තුළ පැල 4000 ක් පමණ රෝපණය කිරීමට කටයුතු කරන ලදී.
මෙම රුක් රෝපණ වැඩසටහන, සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා විසින් හැව්ලොක් පාරේ පිහිටි සෙලින්කෝ ලයිෆ් සමාගමේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ අඹ ගසක් රෝපණය කරමින් දියත් කළ අතර සමාගමේ රුක් රෝපණ සතිය ජනවාරි 11 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වුණි. මෙහිදී, සෑම සේවකයෙකු විසින්ම පැලයක් රෝපණය කර ඒ පිළිබඳව ඡායාරූප සාක්ෂි ඉදිරිපත් කළ යුතුවිය.
මෙම වැඩසටහන සමඟ දිවයින පුරා විසිරී තිඛෙන සෙලින්කෝ ලයිෆ් ශාඛා 250 කට අධික සංඛ්‍යාව තුළ පරිසරයට හිතකාමී වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී. zනැවත පරිහරණය කිරීමZ, zඅඩු කිරීමZ සහ zදිරිමත් කිරීමZ යන මූල ධර්ම තුන ඔස්සේ වසරක් පුරා මෙම තිරසාරාත්මක වැඩසටහන ක්‍රියාත්මක කරන බව සමාගම පවසයි.
“අපගේ තේමාව වන zGo Green 2016 with Ceylinco Life යන්න සමග අපගේ සේවකයින් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ අපගේ ගනුදෙනු කරුවන්ද එක් කිරීමට බලාපොරොත්තු වනවා“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් රෙන්ගනාදන් මහතා පැවසීය. “කඩදාසි භාවිතය අවම කිරීම සඳහා අප විසින් මේ වනවිටත් ඊ-වාණිජ්‍යය වැඩසටහන් කිහිපයක්ම දියත් කර තිඛෙනවා. අපගේ ශාඛාවල මෙහෙයුම් කටයුතු පරිසරයට හිතකාමී ලෙස මේ වනවිට සකස් කරමින් තිඛෙන අතර අපට අවශ්‍ය වන්නේ අපගේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ හිත මිතුරන් වෙනුවෙන් හරිත තානාපතිවරුන් ලෙස ක්‍රියා කරවීමටයි“.
හැකි පමණ බොහෝ සම්පත් නැවතත් භාවිතා කිරීමට සහ හැකි සෑම අවස්ථාවකම සම්පත් අඩුවෙන් භාවිතා කිරීමට සෙලින්කෝ ලයිෆ් කාර්ය මණ්ඩලය යොමු කරමින් එම යහපත් පුරුද්ද ඔවුන්ගේ නිවසේදීත් ප්‍රවර්ධනය කිරීමට 2016 වැඩසටහන මගින් අපේක්ෂා කරයි.
රුක් රෝපණ වැඩසටහන සඳහා සහභාගීත්වය සහ එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඒ වෙනුවෙන්ම කැපවූ වෙබ් අඩවියක් සමාගම විසින් නිර්මාණය කර තිඛෙන අතර සම්පත් නැවත භාවිතා කිරීම සහ සම්පත් භාවිතා කිරීම අඩු කිරීම සොයා බැලීමට අවශ්‍ය ක්‍රමවේදයන් මෙම වැඩසටහන යටතේ සෑම ශාඛාවකටම සපයා ඇත.
මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් විසින් සමාගම අළුතින් මිලදී ගන්නා සෑම වාහනයක්ම හයිබි්‍රඩ් වාහනයක් විය යුතු බවත් සමාගමේ නව ශාඛා ස්වභාවික ආලෝකය උපරිමයෙන් තිඛෙන, සූර්යා ලෝකය භාවිතා කරන, වැසි ජලය එක්රැස් කිරීමේ පහසුකම් සහිත පරිසර හිතකාමී ශාඛා ලෙස ගොඩනැගිය යුතු බවත් තීරණය කර ඇත.
සෙලින්කෝ ලයිෆ් ශාඛා හයක් මේ වනවිටත් මෙම පහසුකම් වලින් යුක්තව පරිසර හිතකාමී අයුරින් ගොඩනගා තිඛෙන අතර තවත් පරිසර හිතකාමී ශාඛා දෙකක් මේ වනවිට වෙන්නප්පුවේ සහ හොරණ ඉදිකරමින් පවතී.
සෙලින්කෝ ලයිෆ් 2004 සිට මේ දක්වා දීර්ඝ කාලීන රඬණ ක්ෂේත්‍රයේ ප්‍රකට කළ නායකත්වය එලෙසම රඳවා ගැනීමට සමත්ව තිඛෙන අතර සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිඛෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.
(ඉහළ) සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂකවරුන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා (මැද) සමඟ ගසක් රෝපණය කරමින්. (පහළ) සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් පිරිසක් විසින් තවත් ගසක් රෝපණය කරමින්.
Video Story