July, 3, 2019
රේඩියේෂන් ඔන්කොලොජි පිළිබඳව ගෝලීය නායකයෙකු වන වේරියන් මෙඩිකල් සිස්ටම්ස් විසින් සංවිධානය කළ ස්විට්සර්ලන්තයේ පැවති පුහුණු වැඩසටහනක් සඳහා සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් (CHSL& හි, සේවය කරන ප‍්‍රධාන විකිරණ චිකිත්සක නිළධාරි තිලක් ද සිල්වා මහතා පසුගියදා සහභාගී විය.
පසුගිය මාස දෙක තුළදී ස්විට්සර්ලන්තය තුළ පුහුණුව ලැබූ සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ දෙවන සාමාජිකයා මොහු බව සමාගම සඳහන් කරයි.
මෙම දින පහක පුහුණු වැඩසටහන පැවැත්වුණේ සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත නව Clinac iX ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රයක් මිලදී ගැනීමෙන් අනතුරුවයි.
මෙම පුහුණු වැඩසටහන ‘Oncology Information System Clinical Implementation’ යනුවෙන් නම්කර තිබුණු අතර මෙම මාතෘකාවට අදාළ විවිධ වූ කාරණා මෙහිදී ආවරණය කරන ලදී. මෙහිදී, පිළිකා සඳහා ප‍්‍රතිකාර සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබාගැනීමට තිලක් ද සිල්වා මහතාට අවස්ථාව හිමිවිය.
සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට නව මෘදුකාංග පද්ධතියක් හඳුන්වාදීමට අදාළව මෙම පුහුණුව තිලක් ද සිල්වා මහතා ලබාගත්තේ එයට පෙර සූදානමක් ලෙසිනි.
තිලක් ද සිල්වා මහතා විකිරණ ප‍්‍රතිකාර පිළිබඳව මෙරට පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ වසර 28 ක පළපුරුද්දක් ඇති චිකිත්සකවරයෙකු වේ. ඔහු විසින් කොළඹ, විකිරණ විද්‍යාව පිළිබඳ පාසැලෙන් විකිරණ විද්‍යාව පිළිබඳව ඩිප්ලෝමාවක් හිමිකරගෙන තිබෙන අතර දේශීය විකිරණ ප‍්‍රතිකාර පිළිබඳව විශේෂඥ දැනුමක් ලබා තිබේ. එසේම, ඉන්දියාව, ඇමරිකාව සහ සිංගප්පූරුව යන රටවල ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරියේ සේවය කර ජාත්‍යන්තර පළපුරුද්දක්ද ඔහු විසින් ලබා තිබේ.
ලොව පුරා linear accelerator යන්ත‍්‍ර 7,400 කට වැඩි ප‍්‍රමාණයක් ස්ථාපිත කර තිබෙන රේඩියෝ ඔන්කොලොජි පිළිබඳව දැවැන්ත කළාපීය සහ ගෝලීය අත්දැකීමක් සහිත Varian Medical Systems සමාගම මෙම යන්ත‍්‍ර වලින් 200 ක් පමණම ඉන්දියාව තුළ ස්ථාපිත කර තිබේ. Varian ClinaciX linear accelerator යන්ත‍්‍රය මගින් ප‍්‍රතිකාර ලබාදීම සරල කිරීමට අමතරව ප‍්‍රතිකාර ලබාදීමේ හැකියාවන් වඩාත් පුළුල් කර ඇත.
දැරිය හැකි මිලකට ප‍්‍රතිකාර ලබාදෙන මෙරට වඩාත්ම පළපුරුදු පුද්ගලික අංශයේ පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් විසින් පසුගිය දශකය පුරා ශ‍්‍රී ලංකාවේ රෝගීන් 5000 කට වැඩි සංඛ්‍යාවකට විකිරණ ප‍්‍රතිකාර ලබාදී තිබේ. සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සහ සෙලින්කෝ ටොමෝතෙරපි මධ්‍යස්ථානය විසින් වසරකට ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000 විදේශ විනිමයක් ඉතිරිකර දෙනබව මේ වනවිට ගණනය කර තිබේ. සෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානයද සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් සමාගමට අයත් වන අතර එමගින් රෝග විනිශ්චය සහ ප‍්‍රතිකාර රැකවරණය ලබාදෙයි.
සේයාරු සටහන - තිලක් ද සිල්වා මහතා (දකුණේ කෙළවරේම) ස්විට්සර්ලන්තයේ පැවති පුහුණු වැඩසටහනට සහභාගී වූ අනිකුත් සාමාජිකයින් සමගින්.
Video Story