සෙස් කියන එකේ තේරුම දන්නවාද?

    January, 3, 2025

    ආරම්භයේ දී අපනයන සඳහා හඳුන්වා දෙන ලද සෙස් බද්ද මේ වන විට ආනයන සඳහා ද හඳුන්වා දී ඇති බවත්, එය ආනයනකරුවන් හමුවේ ඇති බදු අතුරින් වඩාත් නරකම බදු වර්ගය බවත්,  ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සෙස් බද්ද ආනයන සඳහා හඳුන්වා දීම ඉතා අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බවයි.

    අද (03) දින විකාශය වූ “අද දෙරණ

    "ඔය බදු වල නරකම එකක් තියනවා. ඒක තමයි සෙස් බද්ද. PAL එක කියලා එකක් තියනවා. VAT එක කියලා එකක් තියනවා. ඒක කොහොමත් හැම එකටම විදිනවා. ඊට අමතරව කස්ටම් ඩියුටි තියනවා. දැන් ඕකේ කස්ටම් ඩියුටි කියන එක සාමාන්‍යයෙන් World Trade Organization එකත් එක්ක යම්කිසි කස්ටම් ඩියුටි එකක් ගහන්න පුළුවන්. හැබැයි ඕකේ නරකම බද්ද තමයි සෙස්. දැන් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ කාගෙන් හරි ඇහුවොත් එහෙම, මම හිතන්නේ නැහැ Trade Ministry එකේ කාගෙන් හරි ඇහුවොත් සෙස් තියන එකේ තේරුම දන්නවද කියලා. සෙස් කියන එකේ තේරුම තමයි Commodity export subsidy scheme දැන් මේක එක්ස්පෝර්ට් කෑල්ලක් මේකේ තියනවා. මේක එන්නේ අපනයන සංවර්ධන EDB Act එක යටතේ තමයි සෙස් එක එන්නේ. එතකොට අපනයනයට ගහන බද්දක් කොහොමද ආනයනය පැත්තට ආවේ?

    අපනයනයට මේ සෙස් එක හඳුන්වලා දුන්නේ ඉස්සර ලංකාවෙන් value add කරන්නේ නැතුව භාණ්ඩ ආනයනය කරන්න පටන් ගත්තම. උදාහරනයක් විදිහට තේ නම්, තේ වලට value addition එකක් නැතුව අමුවෙන්ම තේ යන එක නවත්තන්න අපි සෙස් එක කියලා එකක් දැම්මා. එතකොට value add කරන කට්ටියට සෙස් එක ගහන්නේ නැති උනාම ඒගොල්ලන්ට value add කරලා යන්න පුළුවන්. ඒක වැඩිපුර වාසියක් දෙන්න.

    දැන් කාලයක් යද්දි මේ සෙස් එක සම්පූර්ණයෙන් ගැලවිලා ආදයම් උපයන්න කියලා අර අපි කියන්නේ ආරක්ෂණවාදයට සෙස් එක ආවා ආනයන පැත්තට. ආනයන පැත්තට ආවම මේකේ වෙන නරකම එකක් කියන්නේ, මේක අපි කියනවා cascading effect එකක් තියන. දැන් සෙස් එක 30%ක් ගැහුවොත් එහෙම සෙස් එක උඩින් තමයි PAL එක වදින්නේ. එතකොට සෙස් එක උඩින් 30%ට PAL එක 10%ක් වැදුනට පස්සේ ඒ දෙකට උඩින් තමයි කස්ටම් ඩියුටි එක වදින්නෙ. නැත්නම් කස්ටම් ඩියුටි එකට උඩින් තමයි සෙස් එක වදින්නේ. එතකොට බදු පිට බදු. එතකොට VAT එක වදිද්දි දේශීය ටයර් එකට වදින VAT එක 18%ක් ගහලයි ආනයනකරුවට 18%ක VAT එක, ආනයනකරුවගේ VAT එක ගොඩක් වැඩියි. මොකද එයා VAT එක ගෙවන්නේ සෙස් එකයි PAL එකයි කස්ටම් ඩියුටි එකයි තුනේම එකතුව වෙන එකට එකතුව. එතකොට දේශීය එක්කෙනා ගෙවන්නේ නිකන්ම 18% විතරයි. එතකොට මේ මොහොතෙත්  විශාල සහනයක් තියනවා."