සේවක භාරකාර අරමුදලෙන් කොමර්ෂල් බැංකුවට රන් සම්මානයක්

    December, 8, 2016

    සේවක භාරකාර අරමුදලේ ETF අවශ්‍යතා අති විශිෂ්ට ලෙස සපුරාලීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව පසුගියදා සම්මානයට පාත‍්‍රවිය.

    2001 සිට 2015 දක්වා කාලය තුළදී අරමුදලට ගෙවිය යුතු දායක මුදල් කලට වේලාවට නිසි පරිදි ගෙවීම වෙනුවෙන් සේවක භාරකාර අරමුදලේ 35 වන සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයේදී මහා පරිමාණ අංශය යටතේ හිමිවන රන් සම්මානය කොමර්ෂල් බැංකුව වෙත මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදෙන ලදී. මෙම සම්මානය සඳහා තෝරාගැනීමට භාරකාර අරමුදල වෙත අර්ධ වාර්ෂික ප‍්‍රකාශන සහ අවශ්‍ය ලියකියවිලි නිසි කලට භාරදීම සහ නියාමන අවශ්‍යතා සපුරාලීමට දැරූ සමස්ත කැපවීම සැලකිල්ලට ගෙන තිබේ.

    මෙම සම්මානය කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා විසින් භාරගන්නා ලදී.