August, 6, 2025
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් EPF මාර්ගගත සේවාව පිළිබඳව සේවායෝජකයන් දැනුවත් කරමින් නිවේදනයනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයෙහි දැක්වෙන්නේ EPF-OS යනු සේවකයන්ගේ සේවක අර්ථසාධක දායක මුදල් ගෙවීමට පහසු, වේගවත් සහ කඩදාසි රහිත ක්‍රමයක් වන බවත් පියවර කිහිපයකින් EPF දායක මුදල් ගෙවීම් විස්තර ක්ෂණිකව සකසනු ලබන අතර, සේවකයින්ගේ ගිණුම් දෝෂරහිතව සහ ප්‍රමාදයකින් තොරව යාවත්කාලීන වන බව සහතික කරන බවත්ය.
EPF මාර්ගගත සේවාව තෝරා ගත යුත්තේ ඇයි?
සේවායෝජකයින් වෙත වැදගත් නිවේදනයක්
EPF මාර්ගගත සේවාවන් සමඟ ලියාපදිංචි වන්නේ කෙසේද?
ඔබේ ආයතනය EPF-OS සමඟ ලියාපදිංචි කිරීමට මෙම සරල පියවර තුන අනුගමනය කරන්න:
පියවර 1: පහත සබැඳියෙන් ලියාපදිංචි වීමේ පෝරමය බාගත කර සම්පූර්ණ කරන්න: https://services.epf.lk/Pages/Employer/EmployerLoginNew.aspx.
පියවර 2: පහත ලේඛනවලින් එකක ස්කෑන් කළ වර්ණ පිටපතක් (color scanned copy) ඇතුළත් කරන්න: කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සේවායෝජක ලියාපදිංචිසහතිකය හෝ සමාගම් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
පියවර 3: සම්පූර්ණ කරන ලද ලියාපදිංචි වීමේ පෝරමය සහ ඉහත සඳහන් ලේඛනවල ස්කෑන් කළ පිටපත් help.epfonline@cbsl.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවන්න.
Video Story