සොන්රිච් ඒෂියා සමාගම අන්තර්ජාතික BWIO විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

    August, 16, 2024

    පෝෂණ අතිරේක සහ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවියේ පුරෝගාමියෙකු වන සොන්රිච් ඒෂියා සමාගම Business World International Organization සංවිධානය කළ BWIO අන්තර්ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී විශිෂ්ටම Network Marketing සමාගම ලෙස දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization යනු ඇමෙරිකා එකසත් ජනපදය කේන්ද්‍ර කර ගත් සංවිධානයක් වන අතර රටවල් රැසක එහි ශාකා පිහිටා ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහ ඇමෙරිකානු ව්‍යාපාර ප්‍රධානීන් රැසකගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී සොන්රිච් ඒෂියා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්මානය පිරිනමන ලදී.

    2013දී ඇරැඹූ Sonrich Asia සමාගම අතරමැදි වෙළෙන්දන්ගෙන් තොරව ස්වාධීන අලෙවි නියෝජිතයන් හා ස්වාධීන බෙදා හරින්නන් හරහා Network Marketing සංකල්පයට අනුව සිය ආයුර්වේද හා රූපලාවණ්‍ය නිෂ්පාදන  පාරිභෝගිකයන්ට සපයයි. බර අඩු කර ගැනීමට, දියවැඩියාව හා කොලොස්ටරෝල් ඇති වීමේ අවදානම අඩු කර ගැනීමට, කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම තරුණ පෙනුමක් හා පැහැපත් සමක් අත් කර ගැනීමට සොන්රිච් ඒෂියා සමාගම නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති අතර දෙස් විදෙස් පාරිභෝගිකයන්ගෙන් එම නිෂ්පාදනවලට ඉහළ ප්‍රතිචාර ලැබී ඇත. සොන්රිච් ඒෂියා සමාගමේ සුවිශේෂත්වය වන්නේ ඔවුන් අලෙවි කරන භාණ්ඩ හා සේවා ගුණාත්මකභාවයෙන් ඉහළ වීම සහ එම භාණ්ඩ හා සේවා අලෙවි කිරීමෙන් සාමාන්‍ය පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ ලැබිය හැකි වීමයි. “ශ්‍රී ලංකාව තුළ නෙට්වර්ක් මාකටින් සංකල්පය මනාව හසුරවමින් මෙරට වෙළෙඳපොළ ජය ගැනීමටත්, විදේශීය වෙළෙඳපොළට අපනයන සිදු කරමින් මෙරටට විදේශ විනිමය ගෙන ඒමටත් අපට හැකි වුණා. මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන දිවයින පුරා විසිර සිටින අපගේ පාරිභෝගිකයන් මෙන්ම අලෙවි නියෝජිතයන් සියලු දෙනා ඇතුළු මේ වෙනුවෙන් කැප වූ සැමට මගේ ස්තූතිය පුද කරනවා.” Sonrich Asia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ කල්ප උදාන්ත මහතා පැවසීය.