July, 17, 2016
සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පීඑල්සී සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රීටෙල් (පුද්.) සමාගම සිය ස්මාර්ට් ටීවී එකතුවට එක්වන අලූත්ම රූපවාහිනිය වන ‘සොෆ්ට්ලොජික් ප්‍රිස්ම්‘ ස්මාර්ට් රූපවාහිනිය (Softlogic Prizm TV) හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. සුපිරි දසුන් දෑසට සමීප කරවන නවීන තාක්ෂණයෙන් හා සුපිරි නිමාවෙන් යුත් මෙම රූපවාහිනිය, සහනදායී මිලකට මිලදීගැනීමේ අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව වැනි, ස්මාර්ට් ටීවී සම්බන්ධයෙන් වර්තමානයේ ජනප්‍රිය විශේෂාංග සියල්ල ඇතුළත් මෙය, රූපවාහිනියක්, පරිගණයක් සහ සෙට්-ටොප් බොක්ස් එකක් යන උපාංග සියල්ල එක් වීමක් ලෙස හැඳින්විය හැකි වේ.
සොෆ්ට්ලොජික් ප්‍රිස්ම් යනු දියුණු HDMI සහ MHL අතුරු මුහුණත් පදනම් කරගත් ස්මාර්ට් රූපවාහිනියකි. එමගින් ජංගම දුරකථන, ටැබ්ලට්, ගේම් කොන්සෝල් සහ වෙනත් ජංගම උපාංග රූපවාහිනියට සම්බන්ධ කළ හැකි අතර, එහි තිරය එවිට විශාල ප්‍රමාණයේ මොනිටරයක් ලෙස ක්‍රියාකරයි. එමෙන්ම එමගින් Facebook, Whatsapp සහ FaceTime වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ හැකියාවද පවතී.
සොෆ්ට්ලොජික් ප්‍රිස්ම් රූපවාහිනිය Smart, Smart 4K සහ Smart Ready යන මාදිලිවලින් මිලදීගත හැකි අතර 24˜, 32˜, 40˜, 43, 50˜ සහ 55˜ යන ප්‍රමාණවලින් ඒවා ලබාගත හැක. එමෙන්ම මේ සඳහා විශේෂ පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමටද සොෆ්ට්ලොජික් කටයුතු යොදා තිබේ. මෙම රූපවාහිනිය ලබාගැනීම සඳදහා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම මෙන්ම ප්‍රධාන පෙළේ බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා විශේෂ ගෙවීම් ක්‍රමද හඳුන්වා දී ඇත.
දිවයින පුරා විසිරී ඇති සොෆ්ට්ලොජික් මැක්ස් සහ සොෆ්ට්ලොජික් ප්‍රදර්ශනාගාරවලදී පාරිභෝගිකයන්ට දැන් සොෆ්ට්ලොජික් ප්‍රිස්ම් ස්මාර්ට් රූපවාහිනී මිලදීගත හැක. මේ වනවිට සොෆ්ට්ලොජික් ප්‍රදර්ශනාගාර 230 කට අධික සංඛ්‍යාවක් රට පුරා විවෘත කර ඇති නිසා පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් සොෆ්ට්ලොජික් භාණ්ඩ මිලදීගත හැකි වේ. විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් සහතික කරන සොෆ්ට්ලොජික් ප්‍රිස්ම් රූපවාහිනිය පැමිණෙන්නේ වසර 3 ක වගකීමක්ද සමගිනි. සොෆ්ට්ලොජික් ප්‍රිස්ම් ස්මාර්ට් ටීවී යනු රුව, හඬ සහ අලංකාරය යන සියල්ල එක්තැන් කරන අපූරු නිමවුමක් ලෙස හැඳින්විය හැකි වේ.
“සොෆ්ට්ලොජික් රීටෙල් සමාගම යනු රටේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළඳපොළේ ඉදිරියෙන්ම සිටින සමාගමක්. පාරිභෝගිකයන්ගේ විවිධාකාර අවශ්‍යතාවලට ගැළපෙන භාණ්ඩ රැසක් අප සතුව තිඛෙනවා. සොෆ්ට්ලොජික් ප්‍රිස්ම් හඳුන්වා දීමත් සමග ස්මාර්ට් ටීවී සංකල්පයට නව මානයක් එක්කිරීමට හැකිවීම අපට විශාල සතුටක්. මෙමගින් පවුලේ කාටත් එකට එක්වී රූපවාහිනී නැරඹීමට අමතර සමාජ මාධ්‍ය භාවිතා කිරීම වැනි පෞද්ගලික අවශ්‍යතාත් සපුරා ගන්නට පුළුවන්. Ultra High Definition සහිත සොෆ්ට්ලොජික් ප්‍රිස්ම් 4K රූපවාහිනිය, HDTV තාක්ෂණයේ පික්සල් ප්‍රමාණයට වඩා 4 ගුණයක් වැඩිපුර පික්සල් ප්‍රමාණයක් සහිත රූපවාහිනියක්. ඒ නිසා එය මේ වනවිට හොඳම image resolution ලබාදෙන රූපවාහිනිය ලෙස සැලකෙනවා. මේ රූපවාහිනිය හඳුන්වා දීම, සොෆ්ට්ලොජික් නාමය යටතේම රූපවාහිනී හඳුන්වා දීම සඳහා අප තැබූ සුවිශේෂී ඉදිරි පියවරක්. දේශීය පාරිභෝගිකයාගේ අවශ්‍යතා පිළිබඳව හොඳ දැනීමක් අප සතුයි. ඒ අවශ්‍යතා සපුරාලන නිෂ්පාදන ඔවුන්ට ලබාදීමට අප සූදානම්.“ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පීඑල්සී හි සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය.
ස්මාර්ට් රූපවාහිනීවල තාක්ෂණයේ විශිෂ්ටත්වය නිසා ලොව පුරා පාරිභෝගිකයෝ දැන් ස්මාර්ට් රූපවාහිනී වෙත යොමුවෙමින් සිටිති. ස්මාර්ට් රූපවාහිනීවල මෙහෙයුම් පද්ධතිය රූපවාහිනියටම ඇතුළත් කර ඇති අතර, එසේත් නොමැතිනම් සෙට්-ටොප් බොක්ස් ඔස්සේ ද ලබාගත හැක. එමෙන්ම මෙහි මෘදුකාංග ඇතුළත් කර තිබීමට ඉඩ ඇති අතර, එසේ නොමැති නම් නවීන ස්මාර්ට්ෆෝන්වලට apps ඇතුළු කරන ආකාරයටම app store හෝ app marketplace එකකට පිවිසී ඒවා බාගත කළ හැකි වේ.

සොෆ්ට්ලොජික් රීටෙල් (පුද්.) සමාගමෙහි වානිජ අධ්‍යක්ෂ නිර්මාලන් පූතතම්බි, සොෆ්ට්ලොජික් රීටෙල් (පුද්.) සමාගමෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි කෙවින් චැන්ග්, සොෆ්ට්ලොජික් රීටෙල් (පුද්.) සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරි නසීර් මජීඩ්, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පීඑල්සී හි සමූහ අලෙවි අධ්‍යක්ෂිකා ඩෙසරි කරුණාරත්න, සොෆ්ට්ලොජික් රීටෙල් (පුද්.) සමාගමෙහි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නාලිකා පිළිබඳ අධ්‍යක්ෂ දිනේෂ් ධර්මරත්න, සොෆ්ට්ලොජික් රීටෙල් (පුද්.) සමාගමෙහි ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ඉන්දුක පෙරේරා

සොෆ්ට්ලොජික් රීටෙල් (පුද්.) සමාගමෙහි ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ඉන්දුක පෙරේරා මහතා විසින් මාධ්‍ය වෙත නවතම ස්මාර්ට් ටීවී එකතුව පිලිබඳ හැඳින්වීමක් සිදුකළ අයුරු
Video Story