January, 14, 2016
ෆෝඩ් සමාගමේ ශ්‍රී ලංකා වේ එකම බලයලත් නියෝජිතායතනය වන සොෆ්ට්ලොජික් සමුහයට අයත් ෆියුචර් ඔටෝමොබයිල්ස් සමාගම සිය පාරිභෝගිකයින් වෙනුවෙන් ලෝයල්ටි කාඩ්පතක් හඳුන්වා දෙයි. බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ෆෝර්ඩ් ප්රදර්ශනාගාරයේදී මෙම ලෝයල්ටි කාඩ්පත හඳුන්වා දීම සිදු කෙරිණ.
සියලුම ෆෝඩ් වාහන හිමිකරුවන් සහ නව පාරිභෝගිකයින් මෙම ලෝයල්ටි කාඩ්පත සඳහා සුදුසුකම් ලබයි. මේ යටතේ විශේෂ වට්ටම් සහිතව ෆෝඩ් අමතර කොටස් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි.එමෙන්ම ෆෝඩ් වාහන සඳහා අමතර කොටස් මිලදී ගැනීමේදී සහ එම වාහන අළුත්වැඩියා කිරීම් සඳහා යොමුකිරීමේදී මෙම කාඩ්පතට ප්‍රසාද ලකුණු හිමිවෙයි. එම ප්‍රසාද ලකුණු සෑම කාර්තුවක් අවසනයේදීම මුදල් ඒකක බවට පරිවර්තනය වෙයි. එමෙන්ම එම මුදල් තෑගි වවුචර බවට පත්කර ගැනීමට සහ විශේෂ වට්ටම් සඳහා යොදාගැනීමට ද අවස්ථාව පවතියි. මෙම කාඩ්පත් e card පතක් වශයෙන් හෝ සාමාන්‍ය කාඩ්පතක් වශයෙන් තබාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයා සතුව පවති.
ෆියුචර් ඔටෝමොබයිල්ස් හි ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කලේ ජාත්‍යන්තර ප්රමුඛ නිෂ්පාදනයක දේශිය නියෝජිතයා වශයෙන් දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික ජාලය ශක්තිමත් කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.මෙම ලෝයල්ටි කාඩ්පත මඟින් ෆෝඩ් පාරිභෝගිකයින් වෙත වරප්‍රසාද රැසක් පිරිනැමෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.එමෙන්ම මෙම පියවර මඟින් තවදුරටත් ෆියුචර් ඔටෝමොබයිල්ස් සහ ෆෝඩ් වාහන වෙත පාරිභෝගික ආකර්ශණය ඉහළයාමක් සිදුවන බව ද හෙතෙම සඳහන් කරයි.
ෆෝඩ් රථවාහන සම්බන්ධයෙන් ඇති පාරිභෝගික උනන්දුව සහ ඉල්ලුම ඉහළයාමට සමගාමීව සිය සේවා දිවයින පුරා දියත් කිරීමට තමන් අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය. මේ යටතේ 3S සංකල්පයට අනුව කොළඹින් බැහැරව නිෂ්පාදන සහ සේවා පහසුකම් ව්‍යාප්ත කිරීමට නියමිතව ඇති බව හෙතෙම පැවසීය. එම පුළුල් වැඩසටහනෙහි එක් පියවරක් ලෙස මෙම ලෝයල්ටි කාඩ්පත හඳුන්වා දුන් බව ද තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.
මෙම ලෝයල්ටි කාඩ්පත හඳුන්වා දෙමින් අදහස් දැක්වු ෆියුචර් ඔටෝමොබයිල්ස් හි අලෙවි අංශ ප්‍රධානි ගිහාන් විතාරණ මහතා සඳහන් කලේ මෙම කාඩ් පත අලෙවි සංවර්ධනයට මහඟු රුකුලක් බවයි.මෙම කාඩ්පත භාවිතයට පාරිභෝගිකයින් හුරුවීම මඟින් වඩා නියම අමතර කොටස් සහන මිලට ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අස්ථාව හිමිවීම සුවිශේෂි අවස්ථාවක් බවයි. ෆෝඩ් මෝටර් සමාගමේ සම්මත භාවිතාවන්ට අනුව මෙම කාඩ්පත නිර්මාණය කර ඇති බවත්,මෙහි හිමිකාරීත්වය දරන පාරිභෝගිකයා සාඩම්බරෆෝඩ් පාරිභෝගිකයෙකු වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
Video Story