සොෆ්ට්ලොජික් – ෆෙයාෆැක්ස් ඒසියා නව ඇරඹුමක

    June, 27, 2016

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හා ෆෙයාෆැක්ස් ඒසියා එක්ව දස වසරක සාමාන්‍ය රක්ෂණ සේවා බෙදාහැරීමේ ගිවිසුමකට එළඹි බව පසුගියදා නිවේදනය කරන ලදී.

    මෙම ගිවිසුමේ කොටසක් ලෙසින් සොෆ්ට්ලොජික් සමූහයේ රක්ෂණ හස්තය වන ඒෂියන් එලයන්ස් පීඑල්සී සිය සාමාන්‍ය රක්ෂණ සමාගම වන ඒෂියන් එලයන්ස් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සියලු කොටස් රුපියල් බිලියන 1.265 කට ෆෙයාෆැක්ස් ඒසියා සමාගමට හෝ එය නම් කරන ලද වෙනත් සමාගමකට විකුණා දැමීමට නියමිතය. මෙය ඒෂියන් එලයන්ස් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ කොටසක ශුද්ධ පොත් අගය මෙන් 1.7 ක් බව ඒෂියන් එලයන්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

    ෆෙයාෆැක්ස් ඒසියා සමාගම කැනඩාවේ ෆෙයාෆැක්ස් ෆයිනෑන්සල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන අතර දේපළ, රක්ෂණ, ප්‍රතිරක්ෂණ හා ආයෝජන කළමනාකරණ අංශයන් හා සිය ව්‍යාපාරයන් විහිදුවා තිබේ.

    ඡායාරූපය - ෆෙයාෆැක්ස් ඒසියා ලිමිටඩ් හි සභාපති ආර්. ආදප්පන් මහතා සහ සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති අශෝක් පතිරගේ මහතා ගිවිසුමට අදාළ පිටපත් හුවමාරු කර ගනු ලැබූ අවස්ථාව