July, 23, 2014
දැඩි නීති තිබෙන සෞදි අරාබියේ කොටස් වෙළඳ පොළේ ආයෝජන කටයුතු පළමු වරට විදේශිකයින්ට සෘජුවම විවෘත කිරීමට සූදානම් වනබව වාර්තා වේ.
මේ අනුව, 2015 පළමු අර්ධය වනවිට විදේශීය ආයෝජකයින්ට සෞදි කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීමට හැකිවනු ඇති බවත් මෙම තීරණය සමග එරට කොටස් වෙළඳ පොළ ගනුදෙනු මේ වනවිට ඉහළ ගොස් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞදි කොටස් වෙළඳ පොළ මැදපෙරදිග ලොකුම කොටස් වෙළඳ පොළ ලෙසින් සැලකෙන අතර චීනයට පසුව ලෝකයේ දෙවැනියට දැවැන්තම කොටස් වෙළඳ පොළ වන්නේද මෙයයි.
මේ වනවිට, සෞදි කොටස් වෙළඳ පොළේ විදේශීකයින්ට සෘජුවම ආයෝජනය කළ නොහැකි අතර ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ (derivatives) සහ ආයෝජන අරමුදල් හරහා පමණක් ආයෝජන සිදුකළ හැකිය.
මේ අකාරයෙන් වෙළඳ පොළ විවෘත කිරීමත් සමග විදේශිකයින්ට සෘජුව සෞදි කොටස් වෙළඳ පොළේ ආයෝජනය සඳහා අවස්ථාව හිමිවේ.
මෙම තීරණය ගෙන තිබෙන්නේ සෞදි ආර්ථිකය තෙල් මතම යැපීම අවම කර විවිධාංගීකරණය කිරීමේ මූලික පියවරක් ලෙස බව සඳහන්ය.
ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරන්නේ මෙය ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්වන ආර්ථික තීරණයක් බවයි.
Video Story