June, 25, 2015
රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තෙකු පළමු මිනිත්තු 30 ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගනිමින් හදිසි ගිලන් රථ සේවයක් ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන පරිදි ආරම්භ කිරීමට රජය සූදානම් වේ.
මෙවැනි ගිලන් රථ සේවයක් ඉන්දියාවේ ක්‍රියාත්මක වන අතර මෙම ගිලන් රථ සේවය මෙරට ආරම්භ කිරීම සඳහා සහයෝගයද ඉන්දියාව විසින් ලබාදෙන බව රජය සඳහන් කරයි.
ලාභ නොලබන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන මෙම ගිලන් රථ සේවය අදියර 04 කින් ක්‍රියාත්මක කිරීමටත් ඒ වෙනුවෙන් 2000 ක කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරීමටත් යෝජනා කර ඇත.
මෙම ව්‍යපෘතියේ පළමු අදියර බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ගිලන් රථ 88 ක් යෙදවීම මගින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අතර ඒ වෙනුවෙන් වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 08 ක මුදල ඉන්දියානු රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබෙන බව රජය සඳහන් කරයි.
Video Story