October, 31, 2025
විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදුකර ඇත.
ගෝලීය ආයෝජන හවුල්කාරීත්වය සම්බන්ධයෙන් හනීෆ් යූසුෆ් මහතා සතු අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහු දැක්වූ දිගුකාලීන දායකත්වය සැලකිල්ලට ගිනිමනි රජයේ ආර්ථාක පුනර්ජීවනය සඳහා වන වැඩපිළිවෙළට දායක වීමට ඔහුය ඇති හැකියාව අගයමින් මෙම පත්වීම සිදුකර තිබේ.
හනීෆ් යූසුෆ් මහතා මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා වේ. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් යනු මෙරට රු. බිලියන 500 ඉක්මවා ගිය වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කී පළමු සහ මෙතෙක් එකම සමාගමයි.
Video Story