හම්බන්තොටට ගල් අඟුරු තහනම්

    January, 21, 2016

    හම්බන්තොට වරාය කර්මාන්ත කලාපය තුළ ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්ත ආරම්භ නොකළ යුතු බව මොරටුව විශ්වවිද්‍යාලය මලින් සිදුකර ඇති පරිසර අධ්‍යයනයකින් අනතුරුව නිර්දේශ කර තිබේ.

    ඒ අනුව හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ හැකි ව්‍යාපාරික ක්ෂේත්‍ර හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ව්‍යාපාරික සැලැස්මක් සකස් කර තිබේ.

    ඒ යටතේ හඳුනාගනු ලබන ව්‍යාපාරික අවස්ථා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීම, ඇගයීම හා සාකච්ඡා පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates